තිළිණි ද සිල්වා
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය.
බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ.
යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
COMMENTS
වසර 2500 ක ඉතිහාසයක් තියන අපි බය නැහැ මේවට, අපිම වවාගෙන අපිම කනවා
ජාත්‍යන්තරය ජය ගැනීමේ ප්‍රතිපලයක්ද ඕක ?
යහපාලනයේ තවත් එක් විජයග්‍රහණයක්..! මේ රට හැම අතින්ම ඉවරයි.
මෙන්න තවත් එක් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්
මේ රජය මගින් ලොවම දිනාගත්තා කියන ගමන්ම දායාද රැසකුත් ලබාගත්තා. 1. ආයෝජනයට නුසුදුසු දර්ශකය ඉහලට 2. දුෂිතම රටවල් අතරට 3. කළු සල්ලි බහුල රටවල් අතරට.
තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්..!!!
ලෝකයේ හොඳම මුදල් ඇමති හිටිය රට. අපිට තවත් ආඩම්බරයක්! මොකක්ද මේ විශුද්දීකරණය කියන්නේ?
එල්ටීටීඊ ත්‍රස්ථවාදයට මුදල් සපයන්නේ යුරෝපා රටවල් නේ .
අපි මහා අවාසනාවන්ත ජාතියක්.
දැන්නම් මරුම තමා
මේකේ අදහස් ප්‍රකාශ කරලා තියන කිසිකෙනෙක් දන්නේ නෑ මොකද්ද මුදල් විශුද්ධිකරණය කරන්නේ කියන එක. ඔහේ තමන්ගේ දේශපාලනය කරන්න හදනවා මේකෙන් මේකේ තේරුම අයථාලෙස මුදල් උපයාගැනීම වැඩියෙන් සිදුවන රටවල් ගොඩට අපිවත් එයාලා දාන්න යනවා කියන එක එ්කෙන් තේරෙන්න ඕනේ.. මොන ආණ්ඩුවද එහෙම කලේ කියලා. කලුසල්ලි වැඩියි කියන එක...
නැහැ නැහැ මේක නම් වෙන්නම බැහැ. ලෝකේ හොඳම මුදල් "ඇමතිට" හිමි අසුචි කුසලානේ අපේ රටට ලැබුණු එකට ඔය කියන රටවල් ඔක්කොම කැමති නැහැ.. එ්ක තමයි හේතුව. නැතුව අපේ හිටපු මුදල් "ඇමතිය" කරපු කියපු දේවල් අනුව අපි දැනටමත් සෑම අතින්ම ස්වයං පෝෂිත රටක්නේ.
මේ රජය මීට වඩා වැඩි විනිවිදභාවයක් පවත්වාගෙන යා යුතුයි. යහපාලනය යන්නට නියම අර්ථයක් එකතුවන්නේ එවිටයි.
සමහරු නොදන්නා කමක් නිසා නැත්නම් අවස්ථාවාදී කම නිසා මැත දොඩවනවා. මුදල් විසුද්ධිකරණය යහපාලනය විසින් ආරම්භ කළා වගේ. නමුත් තිත්ත ඇත්ත නම් ඒ හොරුන්ගෙන් පස්සේ මේ හොරු හොරකම් ආණ්ඩු වෙනස්වීම නිසා නවත්වන්නේ නැතිව දිගටම පවත්වාගෙන ගිය බවයි. ඒ කියන්නේ ජනයා පෙළන යකඩ තැටිය යටට නිවෙන්න නොදී තව තවත් ගින්දර දැමු බවයි. එසේ කරද්දීත් ජාත්‍යන්තරය අපිත් සමගයි කියන වර්තමාන රජයේ හිටිවන බොරුව නිර්මාණය කිරීමත් කණගාටුවෙන් වුවත් කොළ පාටට බැර කරන්න වෙනවා. මන්ද විදේශ අමාත්‍යාංශය තවම වංචනිකයින් යටතේ පවතින නිසා.
අහන්න දෙයක්යැ අපේ රටේ මුදල් සම්බන්ධ ඉහළම කෙනෙකුටත් මුදල් විශුද්ධිකරණ සම්බන්ධව නඩුවක් තිබුණා. හැබැයි එයින් බේරුණාට, චෝදනාවට නිදොස් කර නිදහස් කර නැහැ. වෙන උපක්‍රමයකින් දැනට බේරිලා ඉන්නවා. දන්නෝ දනිති මෙයා කව්ද කියලා.