IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

(විනීතා එම් ගමගේ)
 

කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යළි ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර අදාල ටිකට්පත් වෙනුවෙන් අලුත් දින වෙන්කරවා ගතයුතුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
 
දුම්රිය බලපත් මත නිකුත් කර ඇති නේකල ආසන ප්‍රවේශපත්‍ර ගාස්තු අයකිරීමකින් තොරව නව ආසන වෙන්කිරීමක් සහති ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇති අතර මුදල් සඳහා නිකුත් කර ඇති වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර වෙනුවෙන් එම ප්‍රවේශපත්‍රයේ වටිනාකමට සමාන හෝ ඊට වැඩි දුම්රිය ගමනක් සඳහා මගීන්ගේ ඉල්ලීම  පරිදි වෙක්ල ආසන ප්‍රවේශපත්‍රයක් ලබා දෙනු ඇති බවත් මෙහි දී ගාස්තුවෙහි වෙනසක් ඇත්නම් මගියා එම හිඟ මුදල පියවනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
 
 මෙම පහසුකම් ලබා ගැනීමට මුල ප්‍රවේශපත්‍රයේ සඳහන් මගීන්ම හිලව් ගමන සඳහා ද සහභාගි විය යුතුය. හිලව් ගමන සඳහා ද සහභාගි වියයුතුය.
 
ඉහත අවස්ථා ප්‍රයෝජනයට නොගන්නා යම් මගියෙකු වේනම් මිලදී ගත් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු ආපසු ලබාගැනීමට අදාල දුම්රිය ස්ථාන වෙත නියමිත ආකෘතිය අනුව ඉල්ලීමක් කළ යුතු බව ද දුම්රිය දෙපාර්ත්මේන්තුව කියයි.

 



අදහස් (0)

යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site