(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පංති වර්ජනය කිරීම හේතුවෙන් වසා දැමුනු යාපනය සරසවියේ සියලු පීඨයන්හි අධ්‍යාපනික කටයුතු ලබන 13 වැනි දා සිට ආරම්භ කරන බව යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා නිවේදනයකින් දැනුම් දී ඇත.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් අනුරාධපුර බන්ධනාගාරගේ උපවාසයේ යෙදී ඇති සිරුකරුවන් තිදෙනාට විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමින් සිසුන් පංති වර්ජනය කිරීම හේතුවෙන් කලා ,විද්‍යා හා කළමනාකරණ පීඨයන් පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනි දා සිට වසා දැමීමට තීරණය කෙරිණ.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටි සිරකරුවන් සමග කරන ලද සාකච්ඡාවකින් අනතුරුව උපවාසය නැවැත්වීමට උපවාසකරුවෝ තීරණය කළහ.
මේ නිසා පංති වර්ජනය කරමින් සරසවිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි සිසුහු ද එම විරෝධතා අවසන් කළහ.
මේ අනුව යාපනය සරසවිය වසා දැමීම හේතුවෙන් නිවෙස් වෙතට ගිය සියලු සිසු සිසුවියන්ට ලබාන 13 වැනි සඳුදාට පෙර නැවත සරසවියේ නේවාසිකාගාර වෙතට එන ලෙසටද යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපන සරසවිය 13 දා යළි අරියි
bamunuarachchi Wednesday, 08 November 2017 02:24 PM
ඕක වහලා තිබ්බාට අපෙන් කිසිම විරෝධතාවයක් නැත.