(ඉන්දිකා රාමනායක)
විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ඝාතකයින්ට පැනයාමට උපකාර කළ බව කියන රාජ්‍ය අමාත්‍ය විජයකාල මහේෂ්වරන් මහත්මිය ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා හෙට (30) යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට ජනතාව කටයුතු කරන බවට ආරක්ෂක අංශ කියයි.
මේ සම්බන්ධයෙන් දැක්වෙන පෝටර් යාපන හා අවට ප‍්‍රදේශව තැන තැන අලවා තිබෙන බවද ආරක්ෂක අංශ කියයි.
COMMENTS
මට පෙන්නේ දකුණට වඩා උතුර, අපරාධ කරන දේශපාලකයන්ට එරෙහිව කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා. අපේ කට්ටිය පෙළපාලි යන්නේ අපරාධකාර දේශපාලකයන් ආරක්ෂා කරන්නනේ.
මහී ඔබ නිවැරදියි. දකුණේ සිංහලයින් ගෝත්‍රිකවාදයට හා මිලේච්ඡත්වයට නතුවී ඇති මොහොතක, උතුරේ ද්‍රවිඩයින් මානව හිතවාදී ආකල්පවලට යොමුවී සිටීම අප ඉතාම අගය කල යුතු කරුණක්. ඔවුන්ගේ ඒ යහගුණය උතුරට පමණක් නොව මුළු ලක්භූමියටම උදා කර ගත යුතුයි.
විජයකලාගේ ප්‍රභාකරන් හිටියා නම්, අද විජයකලාට මෙහෙම වෙනවද? විජයකලා කිව්වා නේද අද ප්‍රභාකරන් හිටියා නම් අගමැති කියලා. එජාප යත් ලැජ්ජා නැතිව විජයකලාව පක්ෂයේ තියාගෙන ඉන්නවනේ...
දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු අපේ සිංහලයන්ට වැඩිය ඉදිරියෙන්. ඇත්ටටම අපේ උන් දුෂකයන්න්ට හොරුන්ට පක්ෂව කඩේ යද්දී මේ අය හරි වැරෙද්ද තෝරාගෙන ක්‍රියා කරනවා. අනික මේ දෙගොල්ලොම තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා. අපේ උන් රුපියලේ දෙකේ වාසියට පවා ඇත්ට දකින්න ජාතියක් වසයෙන් එකතු වෙන්න කැමැති නේ. ඇත්ටටම අපි කොච්චාර පහත් මෝඩ අවස්ථාවාදී ජාතියක්ද
ඔය දෙසපලකයෝ මැතිවරණ තියන්න කියලා බල කරන්නේ ජනතාවට තිබෙන ආදරයට නොවෙයි ... බලයට රිංගලා රටේ දේපොළ හොරාකමින් ඔවුන්ගේ සුක විහරණය තනාගන්නයි .
ඔය කලාල - විකලාල ඔක්කොම එකයි. මේ සිද්ධියේ තියන ලස්සනම අතුරු කතාව තමයි දැන් මේ මිනීමරුවන්ව එල්ලන්න බැහැ නෙව රටේ එල්ලුම් ගහ අක්‍රිය හින්දා... අපි ඕක ක්‍රියාත්මක කරොත් බලාගෙනයි කියල "පාට් " දමන ඊනියා බටහිර මානව හිමිකම් සංවිධාන වලට උඩගෙඩි දෙන්නේ කව්ද? උත්තරය සරලයි නේ දැන් ඒ උන්නැහේලගේම මිනීමරුවන් ටික එල්ලන්න බැහැ ඒ ගොල්ලම වපුරපු දේවල් දැන් එයාලටම ලැබෙනවා...
මෙතුමිය වරක් රූපවාහිනියේ කිව්වා ප්‍රභා ඉන්න කොට යාපනේ හරි නීතිගරුකයි, දැන් හමුදාව තමයි අපරාධ වලට වග කියන්න ඕනෑ කියළා. නමුත් මේ අපරාධකරු ගලවා ගන්න ඇය සියලු උත්සාහ දරනවා වැඩිහිටි දූවරු දෙන්නෙක් ඉන්නා අම්මා කෙනෙක් මෙවැනී නීච අපරාධකරුවන් ගලවා ගැනීමට කවදාවත් උත්සාහ කරයිද? මෙවැනි අපරාධ වලට ඉඩ තියයිද? මැයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි.