(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ශිෂ්‍යයින් පස් දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.
නේවාසිකාගාරයක් තුළ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට එම විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබේ.
මෙම පෙත්සම සිසිර ද ආබෘ , ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම කල් තැබිණි.
පෙත්සම කැඳවු අවස්ථාවේදී දෙවැනි වගඋත්තරකාර යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙත්සම සලකා බලන දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් පෙත්සමේ වගඋත්තරකරුවන්ට යළිත් නොතීසි දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.
එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස්.උදය ප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී.මංගලේෂ්වරන් , විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති , උසස් අධ්‍යාපන අමාත්‍යවරයා , නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුද්ධ ප‍්‍රතිමාවක් සහිත බුදු කුටියක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.
මේ සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.
මේ හේතුවෙන් තමන්ට විශ්ව විද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්ව විද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්ව විද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2025 නොවැම්බර් මස 04
794
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පස් දෙනාගේ පෙත්සම කල් යයි
Thiwa Wednesday, 10 October 2018 02:50 PM
මේ යහපාලනයයි සහෝදරයා....