IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


යාපනයේ දෙමළ ජනතාව ටී.එන්.ඒ. නායකයා එළවා ගනිති

                     
(රොමේෂ් මධුෂංඛ)  

                                                   
දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.


යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට යාපනයේ ධීවරයින් විසින් ආරම්භ කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.


එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ,


‘තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකිතාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමඟ සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබාදීමට ඉතා පහසු කාර්යක් වුවද එම ගැටලුව පිළිබඳ අවධානයකට නොගැනීම පිලිගත නොහැකි හෙයින් තම ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කරගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පල කිරීමත් සමඟ මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.



අදහස් (2)

යාපනයේ දෙමළ ජනතාව ටී.එන්.ඒ. නායකයා එළවා ගනිති

රවින් Tuesday, 12 June 2018 10:46 AM

කොහෙන් හරි වැඩේ පටන්ගත්ත එක ඉතාම කාලෝචිතයි. දේශපාලුවෝ කරන්නෙම ප්‍රශ්න තව තව අවුල් කරන එක. ඉන්දියන් මසුන් මරන්නන් ඇවිල්ල මාලුටික අල්ලාගෙන යනකොට ඔය දේශපාලුවෝ අමුඩේ තද කර කර හිටිය මිසක් පාරට බැස්සද?

:       0       78

නුමා Tuesday, 12 June 2018 10:59 AM

බොරුවට ළකුණු දාගන්න එන දේශපාළුවන්ට දුන්නු නියම උත්තරයක්. තමන්ගේ දේශපාලන පක්ෂයේ උනත් එලවාගන්නට තරම් ශක්තියක් තිබුණු මිනිසුන්. එයට අධ්‍යාපන මට්ටම අදාල නැහැ. ජේ ආර් වැනි සිංහල නායකයින් සහ තමන්ටත් නැති වාසි සොයමින් ඔවුන්ට කඩේ ගිය සිංහලයින් නොවන්නට එකල ප්‍රභාකරන්ට සිදුවන්නේත් මෙයම තමා. අපි ඒකටත් එක්ක හොරුන්ට හුරේ දමමින් අධිකරණ භූමිවල රැස්කනවා. දේශපාලකයින්ට කඩේයන්නන් නිසා පිල්බේදීම් නිසා අවශ්‍ය දේ ලබාගන්නටත් නොහැකිව තිබෙනවා.

:       32       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 470 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site