(සිතුම් චතුරංග)
යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයින් පිරිසක් යාපනය තුන්නාලෙයි වල්ලිමඩම් හීදි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් එම නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි යාපනය නෙල්ලිඅඩි පොලිසිය කියයි.
නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ යතුරු පැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනකු විසින් උප පොලිස් පරීක්ෂකවරයා ගමන් ගත් යතුරුපැදිය අවහිරකොට නවත්වා පහරදීම සිදුකොට ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑ උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයේ තවත් පොලිස් නිලධාරියෙක්ට පහර දීමක්
Bandara Thursday, 27 July 2017 05:18 AM
යහපාලන සංහිඳියාව දෝරේ ගලනවා. පාලකයනි, තවත් බොරු කියා රටේ ජනතාව නොමඟ යවන්න එපා. කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වෙලා ඉවරයි. වහාම නිසි ක්‍රියාමාර්ග ගන්න.
Jagath Thursday, 27 July 2017 06:55 AM
ආයේ දෙකක් නැහැ. කට්ටිය ටික ටික එකතු වෙනවා.
PerakumThursday, 27 July 2017 07:14 AM
බණ්ඩාර ඒක යහපාලන සංහිඳියාවට හරි යන්නේ නැහැ. අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගමු..
nuwan Thursday, 27 July 2017 05:24 AM
මේවා කරන්නේ කලින් හිටපු ලොක්කන්ගේ ගෝලයෝද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
janahihtha Thursday, 27 July 2017 05:39 AM
එන හැටි නම් හොඳ නැහැ වගෙයි.
amith Thursday, 27 July 2017 05:43 AM
1982 කාලේ වගේ දැන්....1983 ලඟ එනවා වගේ දැනෙනවා.
disanayaka Thursday, 27 July 2017 06:27 AM
මේ නම් හොද දෙයක් නෙමෙයි.දැන් කිහිප වතාවක් පොලිස් නිලදාරින්ට පහරදුන්නා. කොටි පැටව් ගසා ඇතිනම් වහාම සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැතිනම් නැවතත් ලංකාව පහුගිය භීෂණ යුගය කරා ඇදී යනවා. පොඩි ගැහැණු දරුවන් දූෂණය කරනවා. මොවුන්ට මරණ දඩුවම දිය යුතුයි. රටේ සාමයට හානි කරන අයට හමුදාවේ සහ පොලිසියේ නීත්‍යානුකූල තුවක්කු පත්තු විය යුතුයි. නැතිනම් අපේ රට නැවතත් ඉවරයි.
upali Thursday, 27 July 2017 06:38 AM
අනේ කුබින්නේ තොපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ.. ඒ නිසාවෙනි අප තැවෙන්නේ.. රජෙක් ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්නන්, පෙරහැර කරන්නම්, සාදුකාරයෙන් ගිගුම් දෙන්නම්..
de silva berlin Thursday, 27 July 2017 07:28 AM
උතුරේ ආරක්ෂා තර කල යුතුය. දහස් ගණනකගේ ජීවිත පූජාවෙන් ලබාගත් නිදහස එක එක පුද්ගලයන්ගේ දේශ පාලන අනාගතය ආරක්ෂා කර ගැනීමට බිලිදිය නොහැක. ජර්මනියේත් දැන් පරණ කොටි සංවිධානය වෙනවා. මේ බව ජර්මන් බුධි අංශ එහි ස්වදේශ කටයුතු අැමැතිට දන්වලා තිබුණා.
amith Thursday, 27 July 2017 07:32 AM
ගෞරවනීය ලාංකීය පුරවසියනි, දැන් ඔබ ප්‍රමාදයි වගේ දැනෙනවා. ඉස්සරහට හොඳ දේවල් වේවි. කොටින්ට ඊළම හැර වෙන යමක් නැත.
PA-RA Thursday, 27 July 2017 07:47 AM
ඒක පුංචි දෙයක්, ගණන් ගන්න එපා. ඕනෑනම් රාජිත මහත්තයාගෙන් අහලා බලන්න.
Jayampathi Thursday, 27 July 2017 08:12 AM
ආණ්ඩුව අද පෙරලනවා, හෙට පෙරළෙනවා වසර දෙකකින් අාපහු රජ වෙනවා කියන කට්ටියක් ඉන්න නිසා මේවායේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලත් හොයලා බැලුවොත් හොඳයි.. කේ.පී.ලට රජ සැප දුන්න නිසාත් කරුණලාට උප සභාපතිකම් දීපු නිසාත්, පිල්ලෙයාන්ට මහා ඇමතිකම් දීපු නිසාත් කොහේ කොහේ සම්බන්දකම් තියෙනවද? කියලා ටිකක් හොයල බලන්න.
ThiinaThursday, 27 July 2017 08:46 AM
ඉතින් හොයලා බලන්නකෝ මහත්තයෝ ඔයාලගේනේ ආණ්ඩුව.. දැන් කී පාරක් පොලිසියේ අයට ගැහුවද? වන්දනා බස් කීයක් කුඩු කළාද..? තාමත් එකම දේ කියව කියවා ඉන්නේ නැතුව හොයලා බලන්නකෝ...
Hafeel Thursday, 27 July 2017 08:45 AM
යහපාලනයේ උතුරට පමණයි අමුතු නීති. මෙතන තමාගේ ආත්ම ආරක්ෂාවට පොලිස් නිලධාරියා පෙරලා වෙඩි තිබ්බොත්, එයාට වැඩ තහමනටත් ලක්වෙලා හිරේත් යන්න වෙනවා. මේවා තමයි පහුගිය දවස්වල අපට දකින්නට ලැබුණේ. පොලීසියේ අණ නොතකා යන වාහනවලට වෙඩි තැබීම් දකුණේත් සිදුවෙනවා. මෙතන මේ පොලිස් නිලධාරියාට තුවාල, එදා තවත් පොලිස් නිලධාරියක් ජීවිතයත් නැති කරගත්තා.
lalith Thursday, 27 July 2017 09:34 AM
විහාර මහා දේවිය, ගැමුණු පුතා හා එක්වී සිහිනෙන් ඔබ අමතාවි... කළ යතු දේ පවසාවි...!!!