IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනයේ තරුණයින් දෙපිරිසක ගැටුමකින් 24 ක් රෝහලේ

     (රොමේෂ් මධුෂංඛ)


යාපනය වැල්වැටිතුරෙයි නෙඩ්යකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර රාත්‍රියේ ඇතිවූ  දරුණු ගැටුමකින් තරුණයින්  24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වැල්වැටිතුරේ පොලීසිය පවසයි


නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි අදාල ක්‍රීඩාංගණ දෙකෙහි දිනපතා සවස් කාලයේ විවධ ක්‍රීඩා ඉසව් පැවත්වෙන අතර එහිදී ක්‍රීඩා අවසන් වී අඳුර වැටෙමින් පැවති අවස්ථාවේ ක්‍රීඩාංගණ දෙකේ තරුණයින් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර එය දුර දිග යාමෙන් තරුණයින් පිරිසක් විසින් එක් තරුණයෙකුට පහරදීමෙන් පසුව  මෙම ගැටුම හටගෙන ඇත.


පහරදී ගැනීම දරුණු වී ඇත්තේ ක්‍රීඩාංගණයේ පැවති පොලු මුගුරු වලින් පහර දී ගැනීම හේතුවෙන් තරුණයින් බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 21 දෙනෙකු යාපනය ඌරණී රෝහලටත් තවත් තුවාල ලැබූ 03 දෙනෙකු පේදුරුතුඩුව මන්දිගායි රෝහලටත් රැගෙන ගොස් ඇති බවටත් අදාල පහරදී ගැනීම සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වෙනම පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
 



අදහස් (0)

යාපනයේ තරුණයින් දෙපිරිසක ගැටුමකින් 24 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site