(ඉන්දිකා රාමනායක, ජුඩ් සමන්ත)
යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පසුගිය දා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ නැවත පොලිස් සේවයේ පිහිටවීමට ජාතික පොලිස් කොමිසම අද (4) අනුමැතිය ලබාදී ඇත.
සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මීට වසර පහකට පමණ ඉහත දී සේවය අතහැර යාමේ නියෝග ලැබ සිටි උප පොලිස් පරික්ෂකගේ බිරිඳ සානුකම්පිත හේතුන් ලෙස සළකා නැවත සේවයේ පිහිටවන ලෙසට පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව එම අනුමැතිය හිමිවි තිබේ.
යාපනය මහාධිකරණ විනිසුරු ඉලංගචේලියන් මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටිය දී උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතා ඉකුත් දා 22 වැනි දා නල්ලුර් හි මිය ගියේය.
COMMENTS
මේක ඉතා හොඳ වැඩක්...
බොහොම හොඳ, නිවැරදි තීරණයක්.
මේක හොඳ කර්තව්‍යයක්....
ඉතාම හොඳ තීරණයක්. නීතිය කොහොම තිබුණත් මේ වගේ වෙලාවට අසරණ වුණු පව්ලකට පිහිටවෙන එක උතුම් වැඩක්... එතුමියගේ මහත්තයා මැරුණේ රාජකාරිය කරන්න ගිහිල්ලනේ.... අනෙක අපේ රටේ පැන්ෂන් එක හැදෙනකොට ඒ පවුලට වෙන්නේ ඕනේ නස්පැත්තිය වෙලා ඉවරයි.
ඔබත් ඔබේ සැමියා මෙන් සිංහල ජාතියේ ගෞරවය ආරක්ෂා කර ගන්න. ඔබට දළදා සමිඳු පිහිටයි.
මෙම ක්‍රියාවට සහභාගි වුණ සියලුම දෙනාට බෝහොම ස්තුතියි. ඒ පවුලට කරපු ලොකු උදවුවක් මේ වෙලාවේ හැටියට.