(ඉන්දිකා රාමනායක)

2021 වසර උදාවත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  යුද හමුදාවේ  ජ්‍යෙෂ්ඨ    නිලධාරීන් ඇතුලු  565  දෙනෙක්ට    උසස් වීම් ලබා දී ඇති බව  යුද හමුදා මුලස්ථානය පවසයි.

මෙම පිරිස අතර බ්‍රිගේඩියර් නිළයේ සිටි පස් දෙනෙකු  මේජර් ජෙනරාල් නිළයට   උසස් කර ඇති බවත්   බ්‍රිගේඩියර් නිළයේ සිටි  මනෝජ් ළමාහේවා, අජිත් දිසානායක, ධම්ම හේවගේ,  මංජුල කරුණාරත්න ,ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන්   මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් කර ඇත.

මේ අතර යුද  විශේෂ බලකායේ 24 වන  සංවත්සරයට සමගාමීව  විශේෂ  බලකායේ  සෙසු නිළයින් 560 දෙනෙකු  උසස් කර ඇති බවද හමුදාව පවසයි.

මේ පිරිස අතර  බලලත් නිලධාරී 1 නිළයට දෙදෙනෙක්, බලලත් නිලධාරීන්  11 නිළයට   18 දෙනෙකු,  මාණ්ඩලික සැරයන් නිළයට 61 දෙනෙකු, සැරයන් නිලයට 84 දෙනෙකු,   කෝප්‍රල් නිලයට 325 දෙනෙකු,  ලාන්ස් කෝප්‍රල් නිළයට 70 දෙනෙකු    වශයෙන් මෙම පිරිස උසස් කර ඇති බවද   හමුදා වැඩිදුරටත් පවසයි.