IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යුද සමයේදී පළාගිය 27 ක් ආපසු එති

(කටුනායක ටී.කේ.ජී.කපිල )

පසුගිය යුද සමයේ දී එයට බියෙන් ඉන්දියාව වෙත පළා ගොස් , එරට රැදවුම් කදවුරු වල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු  අද දහවල්  ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

 ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

දහවල් 10.55 ට චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 122 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07 ක් ද , දහවල් 11.10 ට මදුරෙයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 138 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07 ක් සහ ට්‍රිචි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 13 ක් ද පැමිණ තිබුණි .

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් භාර ගෙන , වැඩිදුර පරීක්ෂණ සහ ඔවුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට ජාතික රහස් තොරතුරු ඒකකය වෙත භාර කර ඇත.

මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමෙන් අමාත්‍යංශයේ සහය හිමි වී තිබුණි



අදහස් (0)

යුද සමයේදී පළාගිය 27 ක් ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site