IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරිමේ දී නියෝග මාලාවක්

(ඉන්දිකා රාමනායක)

යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.

එම නියෝගවලට ප්‍රකාරව සියලුම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතු අතර නිල ඇඳුම, හමුදා උපකරණ, ආයතන, පෙන්නුම් කරමින් පැතිකඩ ඡායාරූප  හෝ පසුතල ඡායාරූප භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

තව ද ජාතික ආරක්ෂාව, යුදමය කරුණු, දේශපාලනික කරුණු, දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට අපහාස වන අන්දමේ කරුණු, වාර්ගික  හා ආගමික  සුසංවාදයට  හානි පමුණුවන කරුණු ඇතුළත් නිර්මාණ, පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාලා තුළ උත්පතනය   කිරීම, යොමු කිරීම , අදහස් දැක්වීම සහ බෙදාහැරීම යුද හමුදා සාමාජිකයන් විසින් නොකළ යුතු බවට ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

මෙම නීති උපදෙස් උල්ලංඝණය කරන සියලු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද යුද හමුදා මූලස්ථානය කියයි.

යුද හමුදා සාමාජිකයන් මෙම නියෝග උල්ලංඝණය කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඇතුළු කණ්ඩායමක්  දැනටමත් පත් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය කියයි. 

එම නිරීක්ෂණ කණ්ඩායම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා  කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ කරනු ලබන බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (5)

යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරිමේ දී නියෝග මාලාවක්

sachith Tuesday, 06 March 2018 06:35 AM

මම දන්නා තරමට යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඉන්නේ සජීව වීරවර්ණ.

:       47       21

samTuesday, 06 March 2018 11:03 AM

ඔයා දන්න දේවල්. මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා...

:       0       0

saman Tuesday, 06 March 2018 09:50 AM

ලෝකයේ හොඳම හමුදාව වන ඇමරිකන් හමුදාවේවත් මෙහෙම නීති නෑ.

:       0       0

cptn Buddika Tuesday, 06 March 2018 10:41 AM

රජය මෙහි වගකීම බාරගත යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 March 2018 11:47 AM

පොලිසියට සහ හිරගෙවල්වල වැඩ කරන අයටත් මේ නීති පනවන්න. පොලිසියේ ලොකු මහත්තයාගේ ෆෙස්බුකිය බැලුවම ඔක්කොම තේරෙනවා. සමහර හිරගෙවල් වල වැඩ කරන අය තම නිල චරිතය ෆෙස්බුකිය හරහා පුදුම විදියට පුම්බාගන්නවා. මොන ප්‍රයෝජනයකටද? සමහරු නිල ඇඳුම පවා හිරවෙන්න මහලා ඇඳගෙන එම ඡායාරූප ෆේස්බුකියට දමා තිබෙනවා. මේවා නීත්‍යානුකූලද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site