IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යතුරු පැදි අනතුරින් මව සහ පුතු ජීවිතක්ෂයට

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ගල්කුලම හන්දිය ආසන්නයේ නවතා තිබු කැබ් රථයක පිටුපස යතුරු පැදියක් ගැටිමෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන්ගත් මව සහ පුත්‍රයා ඊයේ (29) රාත්‍රියේ මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ නාච්චාදුව නව නගරයේ පදිංචිව සිටි නදිජා උම්මා නවාස් (48) සහ ඇයගේ පුත්‍රයා වන හනිපා නවාස් මොහොමඩ් නිස්පර්දින් (27) නැමැත්තන්ය.


ඒ නවය මාර්ගයේ 123 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා තිබු පානිය ජලය ප්‍රවාහනය කරනු ලබන කැබ්රථයක පසුපස මේ දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය ගැටි ඇති බවත් ඉන් බරපතල තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කරන ලද බවත් පොලිසිය කියයි.


මිහින්තලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතල තුවාල හේතුවෙන් මෙම මව සහ පුත්‍රයා ඊයේ(29)දින රාත්‍රි දහයට පමණ මෙසේ මිය ගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ කටුපත මරදන්කල්ල  ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කැබ් රථයේ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (4)

යතුරු පැදි අනතුරින් මව සහ පුතු ජීවිතක්ෂයට

thusitha Saturday, 30 June 2018 07:04 AM

කැබ් රියදුරා කරපු වැරැද්ද මොකක්ද? ගොඩක් බයිසිකල් කාරයින් අසීලාචාර විදියටනේ යන්නේ

:       1       112

නුමාSaturday, 30 June 2018 10:54 AM

අන්න එතන තමයි වැරදුනේ. නවතා තිබූ වාහනයක ගැටීමේ වරද බයිසිකලේ විතරක් වන්නේ නැහැ. මාර්ගය අයිනේ වාහනයක් නවතනවානම් අනතුරු හැඟවීමේ පහන් දල්වන්න වුවමනායි (හැසාර්ඩ් ලයිට් :අපි ඒවා හතරමං හංදියකදි කෙලින් යනවා කියන්න නම් භාවිතා කරනවා). පහන් නොමැතිනම් මාර්ගයෙන් ඉවත්කර නවතා තැබිය යුතුයි. පහන් දැල්වූ පමණින්ම අනතුර වැලකෙන්නෙ නැති නිසා, වාහනයක් නවතන විට නවතන ස්ථානය ගැන සැලකිලිමත් විය යුතුයි. අද මාර්ග සංඥා මැකී ගොස් හෝ කිසිවෙක් එය තැකීමක් කරන්නේ නැහැ. වරද දෙපාර්ශවයේමයි. එක් පිරිසක් දඬුවම් විඳ අවසානයි.

:       3       10

arschfikaaSaturday, 30 June 2018 10:30 PM

මාර්ග නීති කිසිවක් දන්නේ නැත්තම් කට වහගෙන ඉන්න............

:       1       1

natadha Saturday, 30 June 2018 12:46 PM

කැබ් රථයක් හෝ වෙනයම් වාහනයක් මාර්ගය අසල නවතා තිබෙනවා නම්, එය මහා මාර්ගය අවහිර නොකර මාර්ගයෙන් පිටතට ගත යුතු අතර, වාහනයේ පසුපස පරාවර්තක පහන් පිටුපසින් පැමිණෙන රියදුරන්ට හොඳින් පෙනෙන්නට සැලැස්විය යුතුයි. මෑතකදී මෙවැනි වාහනයක් අධිවේගී මාර්ගය අසල නවතා තිබියදී, වාහනයක් ගැටී සංචාරකයින් දෙදෙනෙක් මරුමුවට පත් වුණා. එබැවින් මේ අනතුරේදී පොලිසිය විසින් කැබ් රථ රියදුරා අත් අඩංගුවට ගැනීම නිවැරදියි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site