(දයාරත්න ඇඹෝගම)
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ත්‍රි රෝද රථයක් මත පතිත විමෙන් ත්‍රි රෝද රථය පැදවු එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයකු අද (10) මිය ගිය බව එප්පාවල පොලිසිය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ලා එකිනෙක ගැටීමෙනි.
ඇඳගල සිට අධීක වේගයෙන් නල්ලමුදාව දෙසට යතුරු පැදිය ගමන් ගෙන ඇති අතර ත්‍රී රෝද රථය නල්ලමුදාව දෙස සිට ඇඳගල දක්වා ධාවනය කර ඇත.
අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ තරුණයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු පමණක් සිට ඇත.එම අවස්ථාවේ දී ත්‍රී රෝද රථයේ ගැටුණු යතුරු පැදිය ත්‍රී රෝද රිය පදවාගෙන පැමිණි තරුණයාගේ හිස මත වැටී තිබේ.
තරුණයාගේ හිසෙහි ඇති වූ දරුණූ තුවාල නිසා මිය යන්නට ඇති බවට සැක පළ කෙරේ.
යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා ද එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල උපහැරණයක් තිබෙනවා බල්ලට ඇති වැඩකුත් නැත. හෙමින් ගමනකුත් නැත කියලා. තරුණ කොල්ලෝ කෙල්ලෝ වේගය ගමන් කිරීම සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විද්‍යාඥයා කියන විදිහට මානසික ගැටළුවක්. එමනිසා අනුකම්පා කරනවා හැරෙන්නට වෙන කළහැකි දෙයක් නැත. යන වේගයේ හැටියට මේ ගොල්ලෝ නොවෙයි පාරේ අනිකෙක් සුළු හෝ වරදක් කලොත් මේ ගොල්ලොත් ඉවරයි, ඒ ගොල්ලොත් ඉවරයි.