(දයාරත්න ඇඹෝගම)
කුඩානෙළුබෑව ඇගලුම් කම්හල ආසන්නයේ දී අද (3) උදෑසන යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් වු අනතුරින් පොලිස් සැරයන්වරයකු මියගිය බව හිදෝගම පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හිදෝගම පොලිසියට අනුයුක්තව සේවය කළ අයි.පි.එදිරිසුරිය නැමති සැරයන්වරයෙකි.
මෙම පොලිස් සැරයන්වරයා තුරුවිල හිදෝගම සිය නිවසේ සිට රාජකාරිය සඳහා පොලිසියට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.
සිද්ධියට සම්බන්ධ රන්දුව,පේමඩුව,විලච්චිය යන ලිපිනයේ පදිංචි ලොරි රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද (3) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd