(හේමලතා ඩී හේවගේ )
උඩුබද්ධාව නගරය ආසන්නයේදී අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරු පැදියක් තරුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක ගැටී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුරට ලක් වීමෙන් පසු මාර්ගය අසල පිහිටි ගසක හැපී බරපතල ලෙස තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කළ තරුණයින් තිදෙනා අනතුරුව මිය ගොස් ඇතැ බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ උඩුබද්දාව ප්‍රදේශයේම තරුණයින් තිදෙනෙකි.



COMMENTS
මේ අපේ ගමේ ළමයි 3 දෙනෙක්. මමත් දන්නා අය. හරිම දුකයි. වේගය මාරු කැඳවයි. ඔය වයසේ ළමයි බයික් වල යද්දී දෙමව්පියෝත් සෙවිල්ලෙන් ඉන්න ඕනෑ. හැමෝටම නිවන් සුව!!! යළි උපදින අාත්මයකවත් මෙවන් අකල් මරණයක් නොවේවා !!!
යතුරු පැදිය අධික වේගයකට ඔරොත්තු දෙන වාහනයක් නෙවෙයි. විශේෂයෙන් තරුණ වයසේදී පාසල් ළමුන් ඉලක්ක කරගෙන අධික වේගයෙන් යතුරු පැදි පැදීමෙන් සිදුවූ අනතුරුවල ඡායාරූප ඇතුළත් සම්මන්ත්‍රණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ උනන්දු වන්නේ නම් තරුණ දරුවන් කොටසක්වත් මෙවැනි අනතුරු වලින් බේරා ගැනීමට හැකියාව ඇත.
මෙය ඛේදජනක සිදුවීමක්. අද දවසේ හැටියට, දෙමව්පියන්ට සහ පොලිසියට දවස පුරා යතුරුපැදි පදින දරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය නොහැකිය. සිදුවිය යුත්තේ මේ දරුවනුත් යතුරුපැදි, මෝටර් රථ වැනි දේ භාවිතා කරන්නට ප්‍රථම තමන්ගේ වගකීම් ගැනත් අවබෝධයක් ඇති කර ගැනීමයි.