IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මහ වැස්සෙන් 9ක් මරුට - 48,918ක් අවතැන්

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් දින කිහිපය තුළ නව දෙනෙකු මියගොස් අයෙකු අතුරුදන් වී ඇති අතර පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් පවුල් 1,348කට අයත් 5,834 ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 21ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මිය ගිය පුද්ගලයින් අතුරින් හය දෙනෙක්ම මියගොස් ඇත්තේ දියේ ගිලීම් හේතුවෙනි.

දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකට බලපෑ තද වැසි හා සුළං හේතුවෙන් ඇති වූ ගං වතුර ,  පස් කඳු කඩාවැටීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මෙම පීඩාව ඇති වී තිබේ.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්ට බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ 19 දෙනෙකු රෝහල්ගත කර සිටින බව ද ඔහු සඳහන් කළේය.

කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 4,510 කට අයත් 17,945 දෙනෙක් ,  ගාල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 2,636 කට අයත් 9,987 දෙනෙක්  සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ පවුල් 4,069කට අයත් 16,520 දෙනෙක් මෙසේ පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව තද සුළං සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක නිවාසවලට හානි සිදුව තිබේ.

මෙම තද වැසි ,  සුළං හා ජලගැලීම් හේතුවෙන් නිවාස 35ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,668 කට අර්ධ හානි සිදුව ඇති බව ද එම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම හානි තක්සේරු කර වන්දි ගෙවන තුරු මූලික පියවර ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීමට ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ පියවර ගෙන තිබෙන බව ද කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 239 කට ද අර්ධ හානි සිදුව තිබේ.

ඇති වූ ගංවතුර හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුව තිබේ.



අදහස් (0)

මහ වැස්සෙන් 9ක් මරුට - 48,918ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 283 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site