IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහ මැතිවරණයට පොහොට්ටුවෙන් යන්න සාකච්ඡා

තරිඳු ජයවර්ධන
 
ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව යටතේ තරග කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ සිටි පිරිසේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
 
කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ කිහිප දෙනකු එම තීරණයට එකඟ නැති බව ද දැනගන්නට තිබේ.
 
මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින්ද යන්න ගැන තවම ඔවුන් අවසන් තීරණයකට එළඹ නැත.



අදහස් (14)

මහ මැතිවරණයට පොහොට්ටුවෙන් යන්න සාකච්ඡා

Kasun Saturday, 10 November 2018 07:46 AM

මේ හදන්නේ පොහොට්ටුවේ අර්බුදයක් තියෙන බව පෙන්වන්න. ඊට කලින් මහත්තයෝ එජාපයේ අර්බුදය රටට කියන්න..

:       915       854

sandy123Saturday, 10 November 2018 08:50 AM

මෝඩ කමක මහත.

:       0       0

Sanath KandySunday, 11 November 2018 08:17 AM

ශ්‍රීලනිපයේ ගමනක අවසානය. මහින්දගේ තරම තේරෙයි........ මෛත්‍රීට වැඩිකල් නොගිහින්.

:       1       9

Upul Saturday, 10 November 2018 07:49 AM

පොහොට්ටුවෙන් යා යුතුයි... සියලුම පක්ෂ එක්ව එක පෙරමුණක් ලෙස...

:       300       263

Chandana - Australia Saturday, 10 November 2018 02:16 PM

මහත්මයා ඔබතුමා කියන දෙය කල නොහැකි බව ඔබට නොතේරීම කණගාටුයි. පෙරමුණක් ලෙස යනවනම් පොහෝට්ටුවෙන් ඉදිරිපත් විය නොහැකි බව තේරුම් ගන්න

:       0       0

Hafeel Saturday, 10 November 2018 07:50 AM

ඔන්න මණ්ඩලේ කචල් පටන් ගන්න මොහොත... මෙතන තමයි මෛත්‍රී පටලවා ගන්නේ...

:       47       308

Nandalal DE SILVA - France Saturday, 10 November 2018 07:52 AM

දැනට තිබෙන තත්වයේ හැටියට පොහොට්ටුවක් නොවෙයි පිදුරුගහක හරි එල්ලිලා පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීමට වලිකන පුද්ගලයන් බොහොමයක් හැම ලැයිස්තුවකම ඉන්නවා! හොඳම, අවංක, රටට සේවයක් කිරීමට පුළුවන් අපේක්ෂකයන් පමණක් තෝරා බේරා මැතිසබයට යැවීමට මෙවරවත් ඡන්ද දායකයින්ට නුවණ පහල වේවායි පතමු !!!

:       4       274

rocky Saturday, 10 November 2018 09:19 AM

පොහොට්ටුවන්ට නම් අපි කොහොමටත් චන්දෙ දෙන්නේ නැහැ!

:       0       0

nirupa Saturday, 10 November 2018 09:43 AM

මහත්තයෝ... උපාධියක් තියන අයව ගන්න බලන්න.. 10 පාස් නැති අයව ගන්න එපා..

:       1       114

BamunuarachchiSunday, 11 November 2018 05:05 PM

උපාධි තිබුණ පලියට දේශපාලනය කරන්න බැහැ හලෝ. මේගොල්ලන්ගේ හිතේ උපාධියක් ගත්තාම සියල්ලම දන්නවා කියලා.

:       0       0

shan saudi Saturday, 10 November 2018 11:12 AM

රටේ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා නිර්මාණය කල හා දශක ගණනාවක් රටේ ජනතාවට බොහෝ දී ලබාදෙමින් රටේ ජනතාවට සේවය කරමින් බොහෝ උගතුන් විසින් පාලනය කල පක්ෂයකි. වත්මන් එහි තත්වය බොහෝ දුරට විනාශ මුඛයට වැටෙන්නට හේතුව වී ඇත්තේ නූගතුන් හා රටට ආදරය නොකරන පුද්ගලයින් මෙන්ම මුදල් ඉපයීම උදෙසා දේශපාලනය කරන පුද්ගලයින් එහි පාලකයන් බවට පත් වීමේ ඵලවිපාක හේතුවෙනි. දැන් මහින්ද ඇතුළු කණ්ඩායම විසින් එම පක්ෂය විනාශ කර තමන්ගේ පවුලේ නිර්මාතෘත්වය ලෙස පොහොට්ටුව යන නව පක්ෂය නිර්මාණය කර ඇත. මේ නිර්මානයේ ප්‍රධාන අභිලාෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා භූමියෙන් අතුගාදැමීම බව හොඳින් පැහැදිලියි. බණ්ඩාරනායක පරම්පරාවෙන් පැවත එන නාමය විනාශ කර රාජපක්ෂ පරම්පරාවේ බුදලයක් ලෙස අනගතයේදී රටේ ප්‍රභූ පාලකයන් වීමේ වුවමනාව මත හා තම පරම්පරාවේ සුගතිය සඳහා මෙය නිර්මාණය වූවකි.. මෙතුවක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස උන් සියලු දෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලීම සඳහා මේ කරන නින්දිත ක්‍රියාව හොඳින් වටහා ගෙන එන මැතිවරණයේදී පොහොට්ටුවට එක් නොවී ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව එය රැක ගන්නා ලෙස ඉල්ලා සිටිමි..

:       159       1052

Chanak Los angelesSaturday, 10 November 2018 11:45 PM

ඔබ හරියටම හරි .. මොවුන්ට තමයි කියන්නේ පජාති දේශපාලකයෝ කියලා ..

:       1       60

Bamunuarachchi Saturday, 10 November 2018 10:36 PM

පොහොට්ටුවෙන් බැරිනම් කෙහෙල් මලෙන් හරි කමක් නැහැ එකඟවෙලා ඡන්දය ඉල්ලා බලය ගන්න. ජනතාවට වුවමනා එජාපෙ පන්නා දැමීමටයි.

:       0       0

Rohana Sunday, 11 November 2018 10:26 AM

මෛත්‍රී ගෙදර යවන ලකුණු දැන්මම පහලවෙලා වගෙය්. එසේම ආණ්ඩුවේ පක්ෂ අතර අර්බුද ඉදිරියේදී ඇතිවන බව පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 6 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 592 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site