Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 27 වන සඳුදා
(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රුපියල් බිලියනයක බැඳුම්කර ප‍්‍රදානයට සුදානමින් සිට රුපියල් බිලියන 10ක ලංසු පිළිගැනීම මඟින් ශ්‍රී ලංකා මහා බැංකුව ප‍්‍රාථමික ගැණුම්කරුවන් නොමඟ යවා ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ‘නෙට් වෙල් සිකුරිටි සමාගමේ’ සහකාර කළමණාකාර නිමල් මීගොල්ල මහතා පැවසීය.
2015 පෙබරවාරී 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියෙන් පසුව අනුපාතයන් ඉහල යැම නිසා ක්‍ෂණිව එම පාඩු සිදුවු බවත් මහා බැංකුව ලංසු පිළිගත් ආකාරය දැක තමන් පුදුමයටත් කම්පාවටත් පත්වු බවත් නිමල් මීගොල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය විසින් අසන ලද හරස් ප‍්‍රශ්ණ වලට පිළිතුරු දුන් කැපිටල් ඇලයන්ස් ආයතනයේ භාන්ඩාගාර අංශ ප‍්‍රධානී ඉන්දික ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.
මා මුලින්ම නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ සේවය කළා. පසුව කැපිටල් එලායන්ස් සමාගමේ සේවය කළ මා මේ වන විට යුනියන බැංකුවේ සේවය කරනවා.
ප‍්‍ර. නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ සේවය කළ ඔබ කැපිටල් එලායන්ස් සමාගමට ගියේ නේෂන් ට‍්‍රස්ට් බැංකුව පාඩු ලැබීමේන් අනතුරුව නේද?
පිළි. නේෂන් ට‍්‍රස්ට් බැංකුව බැඳුම්කර ගණුදෙණු වලින් පාඩු මෙන්ම ලාභද ලැබුවා.
ප‍්‍ර. 2015 පෙබරවාරී 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියෙන් පසු සිදුවුයේ කුමක්ද?
පිළි. ළුලදායිතා වක‍්‍රය ක්‍ෂණිකව ඉහළ ගියා.
ප‍්‍ර. බැඳුම්කර වැරදි වේලාවක මිලදී ගෙන වැරදි වේලාවක විකුණනු ලැබුවහොත් පාඩු සිදුවන බව න්‍යායාත්මකයි නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. ඔබ කැපිටල් එලායන්ස් සමාගමේ සේවයෙන් ඉවත්වුයේ කවදාද?
පිළි. 2015 ඔක්තොම්බර් මාසයේදී.
ප‍්‍ර. ඔබ ශබගේ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් කරනවා කැපිටල් එලායන්ස් ආයතනය 2015 සහ 2016 වසරවලින් පසුව ලාභ ලැබුවා කියලා. ඔබ 2015 ඔක්තොම්බර් මාසයෙන් පසු එම ආයතනයේ නැහැ නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. 2015 ඔක්තෝමබර් මාසයෙන් පසු ඔබ ඒ පිළිබඳව දන්නේ නැහැ නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. එහෙනම් ඔබ කොහොමද පර්පචුවල් ටේරෂරීස් ආයතනයේ ලාභ ගැන ඔබගේ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් කරන්නේ?
පිළි. මාධ්‍ය වාර්තා අනුව.
ප‍්‍ර. කැපිටල් එලායන්ස් ආයතනය පාඩු ලැබුවේ ඒ කාලයේදී වැරදි වෙළඳ ගණුදෙණු සහ ප‍්‍රතිපත්ති නිසා කියා මා යෝජනා කරනවා.
පිළි. නිහඬයි.
ප‍්‍ර. ඔබ මෙම ගණුදෙණු වලින් රුපියල් මිලියන 06ක ලාභ ලැබුවා නේද?
පිළි. ඔව්.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්ණ වලට පිළිතුරු දුන් කැපිටල් ඇලයන්ස් ආයතනයේ භාන්ඩාගාර අංශ ප‍්‍රධානී ඉන්දික ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.
ප‍්‍ර. 2015 ඔක්තොම්බර් මාසයෙන් පසුව ඔබ කැපිටල් එලායන්ස් ආයතනයේ හිටියේ නැතුව ඔබ ඔය ගණනයන් සිදුකළේ කොහොමද?
පිළි. පොදු දත්තයන් තුළින් .
ප‍්‍ර. පළදායිතා වක‍්‍රයේ වෙනස් වීම අනුව 2015 ඔක්තොම්බර් මාසයෙන් පසුව ඔබ කැපිටල් එලායන්ස් ආයතනය ලාභ අලාභ ලැබුවා කියලා ඔබට කියන්න බැහැ නේද?
පිළි. ඔව්.
පැමිණිල්ල වෙනවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් නෙට් වෙල් සිකුරිටි සමාගමේ සහකාර කළමණාකාර නිමල් මීගොල්ල මහතා මෙසේද කීය.
මා මෙම කොමිසමට දුන් ප‍්‍රකාශයේ සඳහන් කරුණු දිව්රුම් ප‍්‍රකාශයක් මඟින් මා මෙම කොමිසමට ඉදිරිපත් කරනවා. 2015 වසරේ රජයේ හදිසි මුදල් අවශ්‍යතාවය පිළිබඳව මා දන්නේ නැහැ. ඒ පිළිබඳ තොරතුරු මහජනතාවට පිටවන්නේ නැහැ.
ප‍්‍ර. 2016 වසරේදී නෙට් වෙල් සිකුරිටි සමාගමට රුපියල් මිලියන 200ක පාඩු වු බව ඔබගේ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් වෙනවා. එවැනි පාඩුවක් සිදුවුණේ කොහොමද?
පිළි. 2015 පෙබරවාරී 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියෙන් පසුව අනුපාතයන් ඉහල යැම නිසා ක්‍ෂණිව එම පාඩු සිදුවුණා. මහා බැංකුව ලංසු පිළිගන්නේ අපි හිතන ආකාරයට නෙමේ. මහා බැංකුව ලංසු පිළිගත් ආකාරය දැක මා පුදුමයටත් කම්පාවටත් පත්වුණා.
ප‍්‍ර. මෙම තත්වයන් පිළිබඳව අනෙකුත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් සමඟ සාකච්ඡා කළාද?
පිළි. ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් මේ පිළිබඳව සාකච්ඡා කළා. ෆස්ට් කැපිටල් ආයතනයේ රැඑස්වීමේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කල අතර අපි සියලු දෙනා කම්පනයට පත් වෙලයි හිටියේ.
ප‍්‍ර ඔබලා කම්පනයට පත්වීමට ඇති හේතුව කුමක්ද?
පිළි. රුපියල් බිලියනයක බැඳුම්කර ප‍්‍රදානයට රුපියල් බිලියන 10ක ලංසු පිළිගැනීම නිසයි. එය දශගුණයක වාරයක වැඩියක්.
ප‍්‍ර කොමිසමේ විනිසුරු හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි මහතා. පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙම රැස්වීමට සහභාගී වුණාද?
පිළි. ඔව්.
ප්‍ර. සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා. මෙම රැස්වීම සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් සහභාගී වුණේ කවුද?
පිළි. කසුන් පළිසේන මහතා. ඔහු කිසිවක් නොකියා නිශ්ශබ්දව හිටියා.
ප‍්‍ර. මෙම රැස්වීමේදී කතා කලේ මොනවාද?
පිළි. ඉක්මනින්ම මේ පිළිබඳව රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළා. මොකද 2015 පෙබරවාරී 23 වැනිදායින් පසුව මුල්‍ය ප‍්‍රත්පත්ති කමිටුවේදී ප‍්‍රතිශත අනුපාතයන් මාසයක් වෙනස් කිරීමට තීරණය කර තිබුණත් වෙන්දේසියෙන් පස්සේ ඒවා වෙනස් කළා. සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් මීට කිලින් නම් වෙන්දේසියට පෙර දැනුම් දෙනවා. මේ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව ප‍්‍රාථමික ගැණුම්කරුවන් නොමඟ යවලා.
ප්‍ර. සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා. මුල්‍ය ප‍්‍රතිපත්ති අනුපාතයන් වෙනස් කළ බව ඔබ දැනගත්තේ කොයි වේලාවේද?
පිළි. එදින හවස.
ප‍්‍ර. ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් හා රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුණේ කවදාද?
පිළි. 2015 මාර්තු 23 වැනිදා. අර්ථ සාධක අර්මුදල හැර සියලුම ප‍්‍රාථමික ගැණුම්කරුවන් මේ සඳහා සහභාගී වුණා.
ප‍්‍ර. පර්පචුවල් ටේරෂරීස් ආයතනයේ අර්ජුන් ඇලෝසියස් මහතා මෙම රැස්වීමට සහභාගී වුණාද?
පිළි. නැහැ ඔහු කවදාත්වත් පැමිණ නැහැ.
ප‍්‍ර. ඔබ ගියාද?
පිළි. නැහැ මා ගියේ නැහැ. ආයතනය වෙනුවෙන් සහභාගී වුනේ ගිහාන් ජයතිලක මහතා. මෙම තත්වය පැහැදිලි කළ බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බවත් ඔහු කීවා.
ප‍්‍ර. ඔබගේ වසර 25ක සේවා අත්දැකීම් අනුව එක් ප‍්‍රාථමික ගැණුම්කරුවෙක් වෙනුවෙන් තවත් ප‍්‍රාථමික ගැණුම්කරුවෙක් ලංසු තැබු බව අසා තියෙනවාද?
පිළි. මා දන්නේ නැහැ.
ප‍්‍ර. 2016 මාර්තු මස 31 වැනිදා වෙන්දේසියෙන් පසුවත් වෙළඳ පොළ කම්පනයට පත් වුණාද?
පිළි. ඔව් ඉන් පසුවත් අනුපාතයන් ක්‍ෂණිව ඉහළ ගියා.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය විසින් අසන ලද හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් නෙට් වෙල් සිකුරිටි සමාගමේ සහකාර කළමණාකාර නිමල් මීගොල්ල මහතා මෙසේද කීය.
නෙට් වෙල් සිකුරිටි සමාගමට සිදුවු පාඩුව ගණනය කළ ආකාරය නිවැරදියි. මහපොළ ශිෂත්වය පාලනය වන්නේ නෙට් වෙල් සිකුරිටි සමාගමෙන්.
ප‍්‍ර. නෙට් වෙල් සිකුරිටි සමාගමට සිදුවු පාඩුව වෙනුවෙන් මහපොළ අරමුදලට සල්ලි දාන්න වුණා කියා මා යෝජනා කරනවා.
පිළි. මා පිළිගන්නේ නැහැ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් නෙට් වෙල් සිකුරිටි සමාගමේ සහකාර කළමණාකාර නිමල් මීගොල්ල මහතා මෙසේද කීය.
ප‍්‍ර. 2015 පෙබරවාරී 27 වැනිදා සිදු වු වෙන්දේසියෙන් පසුව ඵලදායිතා අනුපාත ඉහළ ගියා කියන්නේ පාඩු සිදුවුණා කියන එකද?
පිළි. ඵලදායිතා අනුපාත පහළ ගිය විට ලාබ ලැබෙනවා. ඵලදායිතා අනුපාත ඉහළ ගිය විට පාඩු සිදුවෙනවා. වෙළඳ පොළ උච්ඡාවචනය අනුව මෙය සිදුවෙනවා.
ප‍්‍ර. 2015 ජුලි මාසයේදී ඵලදායිතා අනුපාත පහළ ගියා නේද?
පිළි. ඔව්. එවිට ලාභ සිදුවණා.
ප‍්‍ර. එතකොට පැමිණිලි කළේ නැහැ. සතුටු වුණා නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. සාමාන්‍යයෙන් පැමිණිලි කරන්නේ ඵලදායිතා අනුපාත ඉහළ ගිය විට නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. 2015 පෙබරවාරී 27 වැනිදා වෙන්දේසියෙන් පසුව අනුපාතයන් වෙනස් වීමට වෙනත් ආර්ථික සාධකත් බලපානවා නේද?
පිළි. ඔව්.
වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.