(දයාරත්න ඇඹෝගම සහ බී .ජී. චතුරංග)
පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට ඊයේ (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ අනුරාධපුර බන්ධනාගාරයට වැඩම කළහ.
ඡායාරූප - බී .ජී. චතුරංග


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ කියන්න වෙන්න ඇති.
හාමුදුරුවනේ බලාගෙන වරෙන්තුවක් තියෙනවනේ...
මහසෝන් බලකාය කියන නම ඇහුවම තේරෙනවා මේක මානසික රෝගී ගැටළුවක් කියලා, රටේ මිනිස්සු ආගම්වාදීව, ජාතිවාදීව බෙදලා කුලල් කා ගන්න ඇරලා සතුටු වී බඩ පුරවා ගන්න ගෝත්‍රික පිරිසක් සඳහා ඇයි මේ මාධ්‍ය මෙච්චර උලුප්පලා පෙන්නන්න මහන්සි ගන්නේ? කුණු මඩ විකුණන්න ලේසියිනේ නේද?
චීවරයට නම් සාදු... මේ මිනිසාට නිගරුවක් ...
ඔක්කොම මහසෝන්නු.
මහසෝනා බලන්න රීරි යකා ගිහිල්ලා වගේ වැඩක් !!!
මේ ඔක්කොම සාතන්ගේ දරුවෝ, යක්ෂයා නමස්කාර කරන්නවුන්...
ලෝකේ රටවල් එකිනෙකා පරදවා තම තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් දියුණු ජීවන තත්වයක් හදා දෙන්න තරග කරන කාලයක අපි තාම ගෝත්‍රික මනෝ භාවයෙන් එක තැනම පල්වෙනවා. දේශපාලන හොරු තමාගේ නොහැකියාව වහන්නත් කරපු හොරකම් වහන්නත්, මේ වගේ සේනාංක හදාගෙන ඇත්ත ප්රශ්නය ජනතාවට වසන් කර රටේ ජනතාව ගොනාට අන්දනවා... අපිට ඉදිරි ගමනක් ඕනෑ නම් මේවගේ දේවල්වලින් අපි මිදෙන්න ඕනේ !!!
ඉහළින් අදහස් දක්වා ඇති බොහොමයක් දෙනාට රට, ජාතිය, ආගම රැක ගැනීම පිළිබඳව හැඟීමක් නැති අය වගෙයි පෙනෙන්නේ.. මහසොහොන් බලකාය පෙනී සිටියේ ජාතිය, ආගම වෙනුවෙන් මිස රට, ජාතිය, ආගම පාවා දීමට නොවෙයි.
ඉදිරි මැර ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට ගිහින් වගේ.. රටේ අවාසනාව..
අනේ සාදු! මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න මහසෝනාම වැඩම කරලා!
ඔය කියන බලකාය හරහා මුළු රටම ගිනි තියන්න සැලසුම් කලේ කවුද කියල ඕන පොඩි බබෙකුටත් තේරෙනවා. නමුත් ඔවුන්ට විරුද්ධව කතාකරන්න හෝ නීතිය ක්‍රියාත්මක කරන්න බය කුමක් නිසාද ?
මෙතන තමා රටට වැරදුණු තැන. මෙම මිනිසා සිවුර දාගෙන රට ගිනි තිබ්බ මදිවට වරෙන්තු තුබුණත්...
අමිත්ට නොතීසි දෙන්න කට ඇරියොත් පරෙස්සම් වෙන්න කියා කියන්න වෙන්න ඇති....
ඔව් හැමදුරුවනේ ඒවා අපේ යුතුකම්. අපේ දරුවන්ට ජාතිය ඉතුරු කරමු. අපේ බොහෝදෙනෙකුට ලෝකය දිහා බලලා මොනවාද වෙන්නේ කියල හිතා ගන්න බැහැ.
අපේ හාමුදුරුවෝ නොහිටින්න අද කව්රුත් නෑ අපිට.
අනේද කියන්නේ.අද අපේ බුදු හාමුදුරුවෝ වැඩ සිටියානම් උන්වන්සේට මොනවා හිතේවිද ? ඒත් උන්වහන්සේ වර්තමාන තත්වය අණු දැන වදාළා. අනාගත වංශය (පොත) ගිනිබත් කල නිසා බොහෝ දෙනාට ඇත්ත දැනගැනීමේ පිණ නැතිව ගියා. අද වෛරයට පිළිතුරු දෙන්නේ වෛරයන්. අවෛරයෙන් නොවෙයි. බුද්ධිය ඇත්තෝ බුද්ධියෙන් සිතත්වා.! සැබෑ දහම අවබෝධ කරත්වා.!