(දයාරත්න ඇඹෝගම)
තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින හයක් තිස්සේ ආහාර වර්ජනයක නිරතව සිටි මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් විරසිංහ අද (17) ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ පසුගිය (11) දහවල් සිට ආහාර වර්ජය කර තිබිණි.
පසුගිය මාර්තු 5 වැනි දා මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබේ.
මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ආහාර වර්ජනය අත්හිටුවීමට තීරණය කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මහසොනටත් එක්ක ලැජ්ජාවක් මෙයාගේ වැඩ.
බඩගිනි ඇති
මහසෝනා යකෙක්නේ යක්කුන්ට බඩගිනි හැදෙන්නේ නැහැ. ඉතින් කෑම දුන්නත් එකයි නොදුන්නත් එකයි.
"කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ පසුගිය (11) දහවල් සිට ආහාර වර්ජය කර තිබිණි." දැන් කෝ මානව හිමිකම්. වරදකරුවන් වෙච්ච මිනීමරු කොටින්ව නිදහස් කරන්න කියලා ඉල්ලන අය ඇයි මේ අයට ඇප දෙන්නේවත් නැත්තේ. මොහු මිනී මරලද? කුඩු විකුනලද? අල්ලස් අරගෙනද? නැහැ නේද. චෝදනාවක්වත් උසාවියට ගොනුකරලා නඩු දාලා නැහැ. නීතිය සාධාරණ වෙන්න ඕනේ.. මොහු ප්‍රකාශ කරපු මතයකට හෝ පෝස්ටරයකට හිරේ දාලා තියෙන්නේ. එතකොට, විජෙකලා, විග්නේශ්වරන්, ඔය පාර්ලිමේතුවේ අනෙක් මන්ත්‍රීලා එයාලට වෙනම නීතියක් මොකද? ලාංකීය සමාජය සාදාරන වෙන්න ඕනේ. උනේ මට නෙමෙයිනේ කියල හිටියොත් තමන්ට වෙච්ච දාටත් තමාට තමන් විතරමයි.