IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මහසෝන් බළකායේ ලොක්කා පහර කා රෝහලේ

(දයාරත්න ඇඹෝගම)
 

 
මහනුවර සිදුවු ජාතිවාදි කලබල සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මහසොහොන් බළකායේ නිර්මාතෘ සහ නායක අමිත් වීරසිංහ නමැති අයට බන්ධනාගාර රෝහලේදී පසුගිය 24 වැනි දා ඖෂධවේදියකු විසින් සිදු කළ පහර දීමකින් තුවාල  ලබා  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර  පොලිසිය කියයි.
 
මහසොහොන් බළකායේ නායක අමිත් විරසිංහ යන අයගේ බිරිඳ වන ඩබ්.ජි.සිතුම් කුමාරි (25) පසුගිය දින මහනුවර සිට සිය සැමියා බැලිමට අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදි අනාවරණය වී ඇත්තේ සිය සැමියා කිසියම් අයකුගේ පහරදිමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවකි.
 
ඒ අනුව සිය සැමියා බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය ඇය පසුගිය 24 වැනි දා උණ රෝගයෙන් පෙළිම නිසා ප්‍රතිකාර ගැනීමට බන්ධනාගාර රෝහලට ගිය අවස්ථාවේදී සිදුවු බහින් බස් විමක් දුරදිග යාමෙන් එහි සේවයේ නියුතු ඖෂධ සංයෝජක නිලධාරියා විසින් තම සැමියාට පහරදි ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබිණි.
 



අදහස් (13)

මහසෝන් බළකායේ ලොක්කා පහර කා රෝහලේ

nisar Sunday, 27 May 2018 11:55 AM

ඖෂධ සංයෝජක නිලධාරියාට උසස් වීමක් සමග වැටුප් වර්ධකයකුත් ලබා දෙන්න වටිනවා

:       201       237

Sanath Sunday, 27 May 2018 01:09 PM

ඖෂධ වේදියාට රෝගියෙක් එක්ක රඬුසරුවල් වෙන්න තරම් රාජකාරීමය සමීප සම්බන්ධතාවයක් තියෙන්න පුලුවන්ද?

:       0       2

Nihal Sunday, 27 May 2018 03:46 PM

ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුත. මෙවැනි පුද්ගලයන් රැකියාවෙන් ඉවත් කර නීතිය ක්‍රියාත්මක විය යුතුය. අප විමසිල්ලෙන් .

:       32       6

Bamunuarachchi Sunday, 27 May 2018 05:12 PM

සිංහලයා විනාස කරන්නේ සිංහලයාමය. ඒ විනාස කෙරිල්ල අනික් ජාතීන් සිනහවෙන් බලා සිට ඉතිරිවෙන සිංහලයින්ව සුළුජාතීන් විසින් විනාස කරනු ඇත.

:       1       7

ජගත් ලියනගේ Monday, 28 May 2018 12:04 AM

කවුරු කවුරුත් ප්‍රවේශමෙන් වැඩ කරයුතු කරොත් හොඳයි . මොකද බලය කියන එක එහාට මෙහාට දෝලනය වෙන එකක් .

:       0       10

chandra saluwadana Monday, 28 May 2018 03:02 AM

මොකක්ද? නීතිය

:       0       2

Darshana Monday, 28 May 2018 08:32 AM

රට ජාතිය ආගම ගැන කතා කරන්න ගියහම දැන් වෙන දේ................

:       3       11

Bamunuarachchi Monday, 28 May 2018 01:53 PM

මහසෝන් බලකායේ නායකයාට තව බලකායක් දෙන්න වටිනවා. ඔබට ජය

:       13       4

Saman Monday, 28 May 2018 05:01 PM

යක්කු බැඳගත්තාම ඔහොම වෙනවා.

:       0       4

BamunuarachchiTuesday, 29 May 2018 04:22 PM

විශේෂයෙන් ඔබලා වැන්නවුන් ඉන්නාවිට ඔහොම වෙනවා.

:       1       0

rasika Monday, 28 May 2018 10:05 PM

මේවා තමා සංහිදියාව නැති කරන්නේ. මොහු වරදක් කලානම් දඬුවම් දෙන්න. හැබයි හැම ජාතියකටම එක විදියට නීතිය ක්‍රියාත්මක කරන්න. නුදුරු දිනකම මෙය නිවැරදි විය යුතුමයි.

:       0       0

buddhika Tuesday, 29 May 2018 05:21 PM

යුද්ද කාලේ ඔය මොන බලකයක්වත් අවේ නැහැ. යුද්ද කරන්න. දැන් බොරුවට හිතට අරන්.

:       0       2

kalani Wednesday, 30 May 2018 09:07 AM

මහසෝනා නොව රීරියකා වුනත් බන්ධනාගාර රැදවියකුට පහරදීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. නිතිය ක්‍රියාත්මක කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site