එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බව උතුරේ ආරක්ෂක අංශ අවධාරණය කරයි.
උතුරේ දෙමළ දේශපාලඥයින්ගේ සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන් 21 වනදා සිට ලබන 27 වනදා තෙක් ඇති මහවිරු සතිය පුරාම මෙම සැමරුම් සංවිධානය කර ඇති අතර යාපනයේ පමණක් සැමරුම් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබෙන බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
මෙවරද ප්‍රධානතම මහවිරු සැමරුම් මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී ලබන (27) වනදා සවස සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙමළ ජාතික සන්ධාන යාපන දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලිකත්වයෙනි.
මේ ආකාරයෙන් ලබන 27 වනදා යාපනය විශ්ව විද්‍යාලය,කයිඩස් සාටි වෙරළේ පිහිටි එල්.ටී.ටී.ඊ සුසාන භූමිය, කෝපායි,හි පිහිටි යුද හමුදා 51වන සේනාංකය ඉදිරිපිට, වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි නිවස ආදී ස්ථාන කේන්ද්‍රගතව මහවිරු සැමරුම් සංවිධානය වී ඇති අතර ඇතැම් ස්ථානවල එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපත යෙදෙන (26) දින උපන්දින සැමරුම් ද සංවිධානය වී ඇතැයි ද පැවසේ.
COMMENTS
සැමරුම් සංවිධානය කලාට සමරන්න වෙන්නේ නැහැ.. දැන් කොන්ද පණ තියෙන පිරිමියෙක් ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නේ...
සමරන්න පටන්ගත්තොත් අපේ හාමුදුරුවරු උපවාස කරාවි, කඳුළු ගෑස් ප්‍රහාර වලට බියනොවී ජනතාව වීදි බහීවි.
මෙතනදි කොන්දෙ හයිය ගැන කතා කරලා වැඩක් නැහැ. කළ යුත්තේ නුවණින් කටයුතු කර ඛේදවාචකයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමයි. දෙමළ සාමාන්‍ය ජනයා ඉතා ලෙහෙසියෙන් යම්යම් දේවලවලට සම්බන්ධ කරගත හැකි බව අත්දැකීමයි. ප්‍රභාකරන් කලක් අල්ලාගෙන සිටියේ එබැවිනි. නායකයන් පසුපසින් සිටින බැවින් තත්වය සංකීර්ණයි. ආපසු අංක 1 කොටුවට නොයාමට කටයුතු කළයුතුයි.
කොටියා ඔලුව උස්සයිද?
මිය ගිය දමිළ ජනතාව සැමරීමේ වරදක් නෑ. තහනම් සංවිධානයක් බැවින් LTTE මහවිරු සැමරීමයි ගැටලුව.