(බිඟුන් මේනක ගමගේ)
සන්ධාන මහලේකම් ධූරය ඕනෑම වේලාවක අත්හැරීමට තමා සූදානම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට පූජා කිරීමේ අරමුණෙන් කෙරෙන යෝජනාවලට යට වී එවැනි තීන්දුවක් කිසිවිට ගන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ සිටින කීප දෙනෙකු තමාට සන්ධාන ලේකම් ධූරයෙන් අස්වන්නැයි කියන්නේ තනතුරු තන්හාව නිසා යැයි හෙතෙම අවධාරණය කර කීය.
ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීම හැරුණු විට අත් වූ අන් ප්‍රතිපලයක් නැතැයි කී ඇමැතිවරයා අද වනවිට එම කණ්ඩායම තුළ මතවාද තුනක් ක්‍රියාත්මක යැයි ද ලංකාදීප සඳුඳා හමුව සාකච්ඡාවට අදහස් දක්වමින් කීවේය.
තමන් වැටුණු අමාරුවේ අනෙක් අය ද දැමීමට එහි ඇතැමෙකු උත්සාහ කළ ද එම කණ්ඩායමේ තවත් පිරිසක් නැවතත් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින්නේ යැයි ද අමරවීර මහතා පැවැසීය.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ද අතරමංව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් සිදුවන්නේ පක්ෂය කණ්ඩායම් තුනකට කැඩීම පමණකැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට ඉදිරියට ගියොත් කැමති වුනත්, නැති වුනත් ලේකම්කම අනිවාර්යයෙන්ම අතහරින්න වෙනවා...
ඉතින් තවත් පව් නොදී දේශපාලනයෙන්ම අයින් වෙලා ගෙදර ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ.
මොකටද SLFP තිබියදී UPFP එක හැදුවේ...?
අත අදින්න නම් එපා... ඔය තමයි අන්තිම මහ ලේකම්...
මලය කියියටවත් අතාරින්න නම් එපා...................
කියියටවත් අතාරින්න නම් එපා...
ඔය යන විදිහට පොහොට්ටුව ඉදිරියට ගියොත් සමහරවිට රාජපක්ෂ කොම්පැනියම ශ්‍රී ල නි පෙන් සාමාජිකත්වයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා පොහොටුවට යන්න ඉඩ තිබෙනවා එහෙම වුනොත් ඉදිරියට ශ්‍රී ල නි පෙට 5% වත් නැති වෙනවා එහෙම වුනොත් සන්ධානේ අනිත් පක්ෂ ටිකත් ගිහින් පොහොට්ටුවේ එල්ලේවි , එතකොට ලේකම් කමෙන් වැඩක් නැත , 2015 රාජපක්ස සමාගම ගෙදර යවපු ජනතාව මෙදාපාර පොහොට්ටුවට අකමැත්තෙන් වුනත් ඡන්දෙ දුන්නේ ඔබතුමාලගේ නායකයා මුල සිටම හැම දෙයක්ම කරන්න බැහැ , බැහැ තම නොහැකියාව ප්‍රසිධියේ ප්‍රදර්ශනය කිරීම නිසා නමුත් රාජපක්ෂ සමාගම ඔවුන් සමග සිටිය අතලොස්ස සමග සටන්කරමින් බොරුවට හරි අපිට පුළුවන් , අපි කලා ඉදිරියටත් අපි කරනවා වැනි සටන් පාට භාවිත කළේය , එතකොට තව තව කට්ටිය ඔවුන්ට එකතු විය.
පක්ෂයේ ඩාලි පාරේ තියෙන බිල්ඩිමයි, බෝඩ් ලැල්ලයි කාටවත් පූජා වෙලා නැහැ. ඔය තියෙන්නේ අගේට. ඔය කීපදෙනා ඒ කට වෙලා බජව් ද දා ඉන්න. ඔය ගොල්ලෝ සිරිකොතට පූජා වුනාට ජනතා හදවත් පොහොට්ටුවට පූජා වෙලා ඉවරයි මහත්තයෝ.
බොරු බයිලා කිය කිය ඉන්නේ ඇතහරින්නකෝ...