IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ ලිපි ලේඛන 31ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවට සම්බන්ධ සියලූම ලිපි ලේඛන මෙම මස 31 වැනි දින හෝ ඊට පෙර මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

මේ සම්බන්ධ කටයුතු වලට ලේඛකාධිකාරීවරයාට සහයෝගය දක්වන ලෙසටද අධිකරණය දෙපාර්ශවයේ නීතීඥවරුන්ට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම අභියාචන පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ මෙම නඩුවට සම්බන්ධ ලියකියවිලි 85ක් තිබෙන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලැබී ඇත්තේ ඉන් ලිපි ලේඛන 11 ක් පමණක් බවත්, එබැවින් නඩු කටයුතු සඳහා ඉතිරි ලේඛනද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම ලබන පෙබරවාරි 06 වැනි දින කැඳවන ලෙසද නියෝග කෙරිණි.

මෙම විශේෂ අභියාචනා පෙත්සම් සිසිර ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් වන බවත් ,එබැවින් අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කරනු ලැබී තිබිණි.

 අපේ‍්‍රල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේදී කොළමදී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක‍්‍රිෂාන්ත කොරළගේ නැමැත්තන් සමඟ

එක්ව මොහොමඞ් අහමදීන් මොහොමඞ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි මෙම සියලූම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති අධි චෝදනා නඟා තිබිණි.තවද මොහොමඞ් සියාම් නැමැත්තා පැහැරගෙන ලොස් දොම්පේ ප‍්‍රදේශයේදී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඒ සඳහා ඔවුන් ආධාර අනුබල ලබා දෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014.04.17 වැනිදා නීතිපති අධිචෝදනා ගොනු කර තිබිණි.

මෙම අපරාධය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකා මෙම නඩුව කොළඹ මහාධිකරණය විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සියයකට අධික පිරිසකගේ සාක්ෂි කැඳවමින් විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබූ සියලූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු ක ඇති බව නිගමනය කරමින් විත්තිකරුවන් හයදෙනාට මරණ දඬුවම නියම කළේය.

මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය ,සරෝජිනී කුසලා වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනවිරත්න යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2015 .11.27 වැනිදා විත්තිකරුවන්ට එරෙහි මෙම දඬුවම් නියම කළහ.

ඉන්පසුව මහාධිකරණය විසින් ලබා දුන් එම තීන්දුවට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා මෙම විශේෂ අභියාචන පෙත්සම් ගොනු කළහ.



අදහස් (1)

මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ ලිපි ලේඛන 31ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග

Hafeel Tuesday, 29 January 2019 03:36 PM

කොහොමද මේ නඩුවෙන් නිදහස් වුණේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site