IMG-LOGO

මහනුවර- ඇල්ල අතර වායුසමනය කළ දුම්රියක්


 
(මහින්ද නිශ්ශංක)


මහනුවර  සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර හෙට (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත.

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම වායු සමනය කළ දුම්රිය ධාවනයට යෙද වු බව නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

මෙම දුම්රිය යෙදවීම නිසා කොළඹ කොටුව- මහනුවර හා මහනුවර කොටුව අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය කරන දුම්රියන් හෙට (3) සිට අවලංගු කර ඇත.



අදහස් (19)

මහනුවර- ඇල්ල අතර වායුසමනය කළ දුම්රියක්

trainer Friday, 02 March 2018 11:04 AM

අටුව කඩා බංකුවක් හදලා. මෙහෙමත් විකාර.

:       4       320

hasitha Friday, 02 March 2018 11:08 AM

නව සේවාවක් එකතු වීම හොඳයි. නමුත් මේ කරල තියෙන්නේ අටුව කඩා පුටුව හැදීමක් නෙමේද? කොළඹ-නුවර දුම්රිය සේවය දියුණු නොකරන්නේ මන්ද? එන්න එන්නම බස්වලට ගතවන කාලය වැඩි වනවා මිසක් කිසි ප්‍රගතියක් නැහැ. තිබෙන දුම්රියත් නවත්තලා දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ?

:       0       417

gam Friday, 02 March 2018 12:45 PM

සීගිරියට සුද්දන්ට යන්න වැසිකිළි නැහැ.

:       2       222

UdithaSunday, 04 March 2018 09:43 AM

කවද්ද අන්තිමට සීගිරි ගියේ..? නොදන්නා දේවල් නොකියා ඉන්න එක තමයි හොඳ..

:       0       6

chris Friday, 02 March 2018 10:21 PM

කොළඹ වගේ නෙමෙයි... ඒ පැත්ත හරිම සීතලයිනේ.

:       0       3

Asoka Saturday, 03 March 2018 12:36 AM

සුද්දන්ට යන්න වැසිකිළි නැහැ කියන්නේ අපේ අය යන්නේ මහපාරේද? මහලොකුවට නිදහස අරගෙන වසර 70යි කියලා මහා තොයිලයක් නැටුවා. රටේ අයට තියා සුද්දන්ටවත් වැසිකිළි යන්න තැනක් නැහැ.

:       0       12

Mahesh jaya Saturday, 03 March 2018 01:44 AM

අපි නුවර වැව හිඳලා මඤ්ඤොක්කා වගාකරමු. ඕක දාන්න තිබුණේ අනුරාධපුර, යාපනේ වගේ පැත්තට... උඩරටට වායු සමනය කළ දුම්රියක් අවශ්‍ය නැහැ. ශුවර් එකටම මේක පසුපස ඉන්නවා. බස් මුදලාලි කෙනෙක් දුම්රිය ස්ථානාධිපතිට අල්ලස් දීලා.

:       1       15

අමා Saturday, 03 March 2018 05:05 AM

මෙන්න තවත් සුපිරිම යහපාලන සංවර්ධන ව්‍යපෘතියක්...

:       13       69

Deepal Fernando Saturday, 03 March 2018 05:38 AM

තවත් මහනුවර මගියා අතරමන් කිරීමක්. කොළඹ - නුවර පාරේ බස් එකේ පැය හතරක් යනවා. දුම්රිය තමා පිහිටට තිබුනේ. එ්ක වැඩි දියුණු කරන්න කියලා ඉල්ලුවම තියෙන එකත් නැතිකරනවා. පුදුම තීරණ. වැඩිම අදායම් තියෙන දුම්රිය ගමන් වාරයක් නවත්තලා... පුද්ගලික බස් මාෆියවද? හැමෝම වෙනුවෙන් මේ ප්‍රතිචාරය..

:       1       143

දිලුම් Saturday, 03 March 2018 06:37 AM

පුදුම තීරණ. මේ වගේ තීරණ අරන් අන්තිමට කියනවා ලංකාවට එන්නේ දවසකට ඩොලර් 100ක්වත් වියදම් කරන්නේ නැති දුප්පත් සුද්දොලු. ඒ මිනිස්සු එන එක ගැනවත් අපි සතුටුවෙන්න ඕනෑ. කොච්චර කිව්වත් සංචාරකයින්ට බලන්න තියෙන්නේ ලංකාවේ සීමිත ස්ථාන කිහිපයක් පමණයි. ඒවායෙත් ඒ මිනිස්සුන්ට කිසිම පහසුකමක් නෑ. විසිකිළි, කැසිකිළි, ආපනශාලා කිසිදෙයක් නියමිත ප්‍රමිතියකට එක්කෝ නෑ. නැතිනම් කොහෙත්ම නෑ. අනික අපේ අය ලොකුවට කියවනවා තැන් තැන් වල කුණු දානවා කියලා. මේ වගේ ස්ථානවලට එන මිනිහෙක් කන බත් එකේ ඉතුරුවෙන කසල ටික දාන්න හරි හමන් භාජනයක් තියනවද? තියන එකත් කට උඩටම පිරිල කාක්කො ඇද ඇද යනවා. පළාතම ඉවරයි. මං නම් කියන්නේ අපේ හැම කෙනෙක්ම දවස් දෙකකට හරි හොඳ දියුණු රටවලට යවලා ඒ රටවලින් ගත යුතු හොඳ දේවල් පෙන්වන්න ඕනෑ. මේක රජයේ ව්‍යාපෘතියක් විදියට ගියත් රටට එන වාසිය පැත්තෙන් ලාබයි. (හැබැයි දේශපාලන කාක්කන්ට කොමිස් නැති නිසා ක්‍රියාත්මක වෙන එකක් නෑ)

:       1       102

Ranjan Saturday, 03 March 2018 07:06 AM

තුට්ටු දෙකේ සංචාරකයා යන්නේ අල්ලට... මෙයට කලින් 70 දශකයේ හික්කඩුවට ගියා වගේ රුපිය 800, 1000 කාමරයක් අරගෙන කුඩු, ගංජා ගහලා පළාතම නැතිකරන කොටසක් දැන් ඉන්නේ... මේ ප්‍රදේශයේ අර කවුදෝ ඇමති කෙනෙක් තමන්ගේ අලුතිෙන් පටන් ගත්ත ක්‍රමය කාටවත් ආදායමක් නැති, රටට විනිමය නොලැබෙන, එපාම කරපු මේවාට අනුබල දීමක්... මේ වෙන්නේ නුවර කොළඹ පැයෙන් පැයට දුම්රිය ධාවනය වුණත් යන්න එන්න මිනිස්සු ඉන්නවා. එ්ක වැඩ දියුණු නොකර මේ කරන විකාර අලුත් දුම්රිය ගමනක්ද?

:       0       12

lalSaturday, 03 March 2018 08:48 AM

ඔහොම කියන්නෑ.. උදේට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ කෝච්චි දෙකට නුවරින් නගින්න ඉන්න මිනිස්සු ගාන දැක්කාම. තව කෝච්චියකට සෙනග ඉන්නවා. වැඩිහරියක් නුවරඑළිය සහ ඇල්ල යන ටුවරිස්ට්ලා...

:       8       5

RanjanSaturday, 03 March 2018 05:06 PM

ඔය කියන විදේශකයන් ඔය කියන මහනුවරින් බදුල්ල බලා යන දුම්රියට සිටින්නේ කාලයකට පමණයි අනික ඊට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දිනපතා කොළඹ මහනුවර ගමනාගමනයට සිටිනවා බස් එකේ පැය හතරක් හතර හමාරක් ගත නොකර පැය දෙක හමාරකින් කොළඹට යන්න එන්න දුම්රිය ගමනාගමනය දියුණු නොකර තිබෙන දුම්රිය මා ගමන් අවලංගු කර මේ නටන නාඩගම මේ රටටම හරි දෙයක් මිසක් ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි

:       0       7

de silva Saturday, 03 March 2018 08:28 AM

සීතල කඳුරටට කුමටද වායුසමනය කළ දුම්රිය මැදිරි? මේවා සුදුසු උෂ්නාධික ප්‍රදේශවලටයි.

:       0       31

palitha Saturday, 03 March 2018 09:04 AM

මෙම දුම්රිය යෙදවීම නිසා කොළඹ කොටුව-මහනුවර හා මහනුවර-කොටුව අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය කරන දුම්රියන් හෙට (3) සිට අවලංගු කර ඇත.. මේක වැරදි ආකාරයට ලියලා තියෙන්නේ. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙන දුම්රියන් කීවොත් සියලුම දුම්රියන් අයත් වෙනවා. නමුත් ඇත්ත කාරණාව වෙන්නේ සිකුරාදා හවස 05.20 කොටුවෙන් යන සම්පූර්ණ වායු සමනය කරන ලද දුම්රිය තමයි සෙනසුරාදා උදේට ඇල්ල බලා ධාවනය වෙන්නේ. නැවත එදිනම මහනුවර පැමිණ පසුදින එනම් ඉරිදා ඇල්ල මහනුවර ධාවනය කරලා... සඳුදා සුපුරුදු ලෙස අළුයම 05.50ට මහනුවරින් කොළඹට එනවා. මෙතැනදී අවලංගු වෙන්නේ සෙනසුරාදට මහනුවරින් සහ ඉරිදා හවස කොළඹින් එන සුඛෝපභෝගී දුම්රිය ගමන් වාර දෙකක් පමණි.

:       0       10

Sumana Saturday, 03 March 2018 09:26 AM

මෝඩ තීරණයක්ද?

:       1       1

palithaSaturday, 03 March 2018 10:38 AM

තීරණය නරක නැහැ. නමුත් පොඩි අවුල් කීපයක් තිබෙනවා. කොහොමත් අපේ අය වැඩක් කරන්න ගියාම ඒ වගේ දේවල් වෙනවනේ. මහනුවරින් දිනපතා පෙරවරු 06.30 ට කොළඹට එන සාමාන්‍ය දුම්රිය විනාඩි 15ක් ප්‍රමාද කරලා තියනවා. එ්ක ලොකු ගැටළුවක්... ඊට පස්සේ මාතලේ ඉඳලා අලුයම එන සාමාන්‍ය දුම්රියත් ප්‍රමාද කරලා. එ්කත් ලොකු ගැටළුවක්. සාමාන්‍ය මගීන්ට උදේට කොළඹට එන්න තිබෙන දෙවැනි දුම්රිය තමයි 06. 30 ට එන දුම්රිය. එ්ක ප්‍රමාද කරන එක කොහෙත්ම වටින්නේ නැහැ. අනික අැල්ල දුම්රිය දැම්මා කියලා එ්කට ගැටළුවක් නැහැ. අද උදේ මහනුවර අවුල් ජාලාවක් වෙලා තිබුණා. ඔක්කොම ප්‍රමාදවෙලා සැලසුම් හදන්නේ... මගියා ගැන හිතල නෙවෙයි. එයාලගේ පහසුව සහ රාජකාරිය ලෙහෙසියෙන් කරගැනීමට පුළුවන් විදියටයි. (සුඛෝපබෝගී දුම්රියේ නානුඔයට 1000/= ගමනාන්තයට 1250/=)

:       0       6

de silva Sunday, 04 March 2018 05:47 AM

අපේ රටේ ගුවන්තොටුපළ ළඟටම රේල් පාර හදලා තිබුණත්, ගුවනින් එන මගියකුට තම ගමන් මළු ට්‍රොලිය තල්ලු කරගෙන වෙන කෙනෙකුගේ උදව්වක් නැතිව දුම්රිය වේදිකාවට ඇවිත් දුම්රියෙන් කරදරයක් නැතුව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයට ලඟාවෙන්න ක්‍රමයක් නැහැ. වෙන රටවල මෙහෙම නැහැ. විනාඩි 10 -20 කොච්චි තිබෙනවා. ප්‍රධාන දුම්රිය ස්ථානයට ලඟාවෙන්න. අපේ ගුවන්තොටුපළට කරදරයකින් තොරව විදේශගත වෙන්න නම් වාහනයකින්ම යන්න ඕනේ. එමනිසා ඇතිවෙන වාහන තදබදය සුළුපටු නැත. අඩුම තරමේ විනාඩි 20-20 දුවන රේල් බස් සේවයක්වත් දමන්න බැරිද? මේවා ඔක්කොම ගුවන්තොටුපලේ ක්‍රියාත්මක වන ටැක්සි මාෆියාවේ වැඩ. .. ජනාධිපතිතුමනි, කරුණාකර ඔබේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන්න...

:       0       1

sampath Tuesday, 06 March 2018 07:35 AM

මටනම් හිතෙන්නේ මේවා කරන්නේ කිසිම අධ්‍යනයකින් තොරව කියලා....... දවස් දෙකක් දුම්රිය දාල ඉතිරි දවස් 5 මොකද කරන්නේ..........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site