මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එය හෙට උදේ 6 වන තුරු ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය විසින් අන්තනෝමතිකව සිදුකරන අමනෝඥ ක්‍රියා හේතුවෙන්, ජනතාව පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවෙමින් ඇත. නැවතත් ජාතිවාදය මතින් ගොඩයන්නට උත්සාහ කරන යහපාලනයේ ඇතැම් ඇමතින්, මේ සියල්ලම විපක්ෂයේ ගිණුමට බැරකර වීරයන් වීමට උත්සාහ ගෙන ඇත...
කලහකාරී සිද්ධියක්... ඇත්ත සිද්ධිය ඉදිරිපත් නොකරන්නේ ඇයි..?
ලැජ්ජයී මේ රටේ මිනිස්සු ගැන,තවම ඉන්නේ ම්ලේච්ඡ යුගයේ ගහාමරා ගන්නවා ඇරෙන්න මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. බලලෝභී පටු දේශපාලඥයන් හා අඳබාල මෝඩ ජනයා මේරට විනාශ කරනවා.
පොල් ලෙල්ලක් ගඟේ ගියත් නිවුස් දාන අපේ මීඩියා.. පහර කෑමෙන් මිය ගිය තරුණයා පිළිබඳ කිසිම තොරතුරක් නැත.
දැන් බයේ ඉන්න වෙන්නේ
නිව්ස් එක හොඳටම මදි අපිට හිතා ගන්න සිදු වෙනවා වෙච්ච දේ මොකක්ද කියන්න.
ඇයි සැබෑ තත්වය නොකියන්නේ? මෙය පෞද්ගලික ආරවුලක් ලෙස හුවා දැක්වුවත් සත්‍ය සිදුවීම දැන් සැවොම දනිති. මුහුණු පොත නිසා
මේ සිද්දියේ මුල් වැරැද්ද කාගේ උනත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. නැවතත් අර්බුදයක් ඇතිකරන අයුරින් කිසිදු පාර්ශවයක් ක්‍රියා නොකළ යුතුයි. මා දැනුවත් වූ ආකාරයට නම් මෙම සිදුවීම ඉතා බරපතල ආගමික ගැටලුවකට මුල පෑදීමක් වේවි. නමුත් මෙය එවැනි දෙයකට පලිහක් කර නොගන්න කියා මම ඉල්ලා සිටිමි.
අර වපුරපු බීජවල අස්වැන්නද මේ තරම් ඉක්මනට ලැබී තිබෙන්නේ? කොහොමත් ඉතින් අනාගතය සරුවෙන සරු බීජ වපුරන්න අපේ අය හරිම දක්ෂයිනේ. අනේ හරිම ෂෝක්?
ඉවසීමට වඩා ශක්තිමත් ප්‍රතික්‍රියාවක් නැත.