චමිල් රුපසිංහ
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලගෙදර ආසනයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා අද(20) නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
එක් වතාවකදී එස් බී දිසානායක, ජී එල් පීරිස් මහතුන් සමග මහින්ද රාජපක්ෂ එහි නායකත්වය ගෙන පක්ෂය හැර යන්නට සිටියත් අවසන් මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර තමන් නොයන පැවසූ බවත් අමාත්‍යවරයා එහිදී කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය අයට කිසි දිනක හරියන්නේ නැති බවත් ඒ කඩාගෙන ගිය පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණන ජයග්‍රහණය කළ බවත් එක් ඇමතිවරයෙක් ඉවත් වූවත් ඒ වෙනුවට විශාල සංඛ්‍යාවක් පැමිණි බවත් අමුණුගම මහතා කීය.
මෙම මැතිවරණ ක්‍රමය තුළ මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ගැනීමට නොහැකි වන බවත් මැතිවරණය අවසානයේ බලය පිහිටුවන්නට තිරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඇමැතිවරයා පැවැසිය.

COMMENTS
සිරිසේනට මොනවා හරි වුණොත් එදාට සභාපති එයානේ. එතකොට ඔය සේරම ප්‍රශ්න ඉවරයි. ඉතින් මක්කටෙයි කොහෙවත් යන්නේ?
වරාය විකුණන්න ඒ.ජා.පෙ එක්ක ඩීල් දැම්මද? මෙයාලට පක්ෂයක් නැහැ. කාගෙන්හරි කමක් නැහැ ඇඟට වෙලා ලේ බොන එක තමයි කරන්නේ. මහින්ද මහත්මයාට ජරාව අතේ නොගාගෙන ඉන්න ඕනානම්, මෙවර පොහොට්ටුවෙන්ම ඉදිරියට යා යුතුයි.
කව්රු කාව රවට්ටනවද මන්දා. නමුත් එකක් කියන්න පුළුවන් ඔක්කොම දේශපාලකයෝ එකතු වෙලා ජනතාව නම් ගොනාටම අන්දනවා.
ජනතාවගෙන් පිනට කකා ඉඳලා ඡන්දෙන් තේරිලා අාවේ නැහැ නේද?
ගියත් මුකුත් එයාට කරන්න බැහැ.
දේශපාලකයින් පොහොට්ටුවලට ආස නැහැ. මලක නම් කටු ඇනුනා නම් මීට වඩා හොඳයි..
මෙයා කිව්වා මහින්ද මහතා එනවා නම් සිරිසේන මහතා සභාපතිකමත් දෙන්න කැමතියි... එ්ත් අාවේ නැහැ කියලා. මහින්ද මහත්තයා කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ. කියලා. කලකිරුණු ශ්‍රීලනිප ඡන්ද පොහොට්ටුවට වැටෙන එක වැලැක්වීම මෙයාලගේ යටි අරමුණ බව එ්කෙන් පැහැදිලි වෙනවා.
කලකිරුණා විතරක් නෙමේ... අපි සේරම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට තමා දෙන්නේ. මහින්ද මහත්තයා දැන් මොකටද?
කතා කළොත් පොහොට්ටුව ගැනමයි. පොහොට්ටුවට පුදුම බයක් නේ තියෙන්නේ? මොකද මේ?
මහින්ද පොහොට්ටුවට යන්නේ නැත පොහොට්ටුව මහින්ද ගාවට එනවාය.
ඉස්සර කාලේ ගැමියෝ තමන්ලග ඉන්න වැඩක් පොලක් කරගන්න බැරි හරකබාන මස්කඩේට විකුනන්නේ නැතුව ලොකුවට "පිං" කියල හංවඩුවක් ගහල කැලේට නිදහස් කරනවා. උන්ට කියන්නේ "පිං හරක්" "පිං ගොනා" කියල. වැඩක් කරගන්න බැරි චන්දෙන් දිනන්නත් බැරි ඒත් ජනතා මුදලින් නිකන් කකා ඉන්න මැති ඇමතිලා හරියට "පිං ගොන්නු" වගේ. උන්ගේ නළලේ ලොකුවට "පිං" කියල පච්චයක් කොටන්න කියල මම යෝජනා කරනවා.
මෙයත් මුලින් යූ එන් පී කාරයෙක්. මහාචාර්යයෙක් වෙලා තරුණ පරපුරේ ඇස් පාදන්න හිටපු මිනිහෙක්, යූ එන් පී එකේ රනිල්ගේ නායකත්වයට ආස නැති නිසා මහින්ද ලඟට ඇවිත් පස්සේ රහ වැටුන නිසා ශ්‍රී ල නි පාක්ෂික යෙක් වුනා. දුප්පත් වලව්වක මිනිස්සු කන්න නැති වුනහම වංශේ කබල් ගානවා වගේ මෙයත් අපිරිසිඳු දේශපාලන ධාරාවේ උඩු ගං බලා පිහිනමින් ඉන්නවා. අනේ උගතුන්ටත් ගිය කලක්!
හොරුන්, දාමරිකයන්, කුඩ්ඩන්, ස්ත්‍රී දුෂකයන්, ජිල්මාට්කාරයන්, `දේශ ප්‍රේමීන් `, කොමිස් කාක්කන්, බැංකු පොලුකාරයන්, හිටපු හොරුන් සහ දැන් ඉන්න හොරුන්ගේ උරුමක්කාරයන් ඇතුළු පරපෝෂිතයන් එකෙකුට හෝ නාම යෝජනා දී ඇති මොන පක්ෂයකට වුනත් ... චන්දය දෙන්න එපා! ,
යු අන්පියට අත උස්සල රවිල, රනිල්ලා කොල්ලුපිටිය රදල පන්තිය රජ කරවල ඔහේ මක්කයි මේ කියන්නේ........... මුදලට කඹුරන මේ අය අපේ මාතෘ භූමියත් සුද්දන්ට අමුණලා දුන්න හැටි අපිට අමතක නොවේ..........
නැහැ මහින්ද උන්නැහේ නිදහස් චතුරශ්‍රයේ ලයිට් එලි බලන්න යනවා....... පොහොට්ටුවට යන්න වෙලාවක් නැහැ....... ඒක හැදුවේ ගෝඨාභය මෙගොල්ල්ලෝ ලයිට් දානවා............
අමුතුවෙන් යන්න ඕන නැහැ , දැන් ප්‍රෙමා්ට් කරන්නේ පොහොට්ටුව තමයි.. ඔය ගොල්ලන්ට මහින්ද නැතුව දිනන්න බැරිද. මහින්ද අප හින්දනේ පරාදකලේ.
දැන් ඉතින් ඉස්සර ඔයාගේ ලොක්ක පැන්නේ නැද්ද පොහොට්ටුවට? දේශාපාලනයට ඔයා තවම කෝඩු කාරයෙක්. හිසකෙස් හොඳම සුදුවුන ඔබට දේශපාලනය ගැන ඉගෙන ගන්න දැන් ප්‍රමාද වැඩියි ඇදුරු තුමෝ !