(ටී.කේ.ජී.කපිල)
ජපාන අධිරාජ්‍යයාගේ ආරාධනාවක් පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස බදාදා (31) රාත්‍රි ජපානය වෙත පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 454 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා වෙත පිටත්ව ගොස් තිබුණි. මෙම දූත පිරිසට 9 දෙනෙකු ඇතුළත්ව සිටි අතර ලොහාන් රත්වත්තේ සහ යෝෂිත රාජපක්ෂ ද ඒ අතර වුහ.

COMMENTS
මහින්ද මහත්තයා විතරයි අප්පචි වගේ මේ ආපදා වෙලාවේ ලංකාවේ අපේ සුව දුක බැලුවේ... එතුමා එහෙම මිනිස්සු අමාරුවේ වැටුණ වෙලාවේ රට දාලා යන්නේ නැහැ.
කාවද දැන් රවටන්න හදන්නේ? ... අපිව නෙමෙයි නේද?
ඔබතුමා ජපන් පන්සලුත් ගිහිල්ලනේ එන්නේ... මෙහෙ වගේ..
එක නායකයෙක් පුද්ගලික සංචාරයක් සඳහා එක රටකට යනවා. අපේ මගින්ද මහත්තයා ජපන් යනවා. ලාංකික ජනතාව කොතරම් වාසනාවන්තද මෙවන් ජනනායකයින් ලැබීමට තරම්...!
පරිස්සමෙන් ගිහින් එන්න. ඔබට තෙරුවන් සරණයි. !!!
අපිට මොකටද බොරු කියන්නේ. එතුමා ගියේ ජපානයෙන් මුදල් ඉල්ලගන්න... නේද?
දූත පිරිසට 9 දෙනෙකු වුණාට අපිට කමක් නෑ.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ලංකාවේ මහජන මුදල් සියළුම වියදම් වලට භාවිතා කිරීමයි.. ආරංචිය හැටියට මෙය ආරාධනාවක් නොවෙයි ඉල්ලගෙන ඒමක්... එන්නේ පන්සලක් බලන්න සංවිධානය කලේ මෙහෙ ඉන්න පිරිසක්. ආරක්ෂකයන් 7 දෙනෙකුත් රජයේ වියදමින්ම ගිහින් එනවා...
මහින්ද මහත්තයෝ..., ගංවතුර ආධාර ගොඩක් එකතු කර ගෙන එන්න. රජයට බැරි වැඩ ඔබතුමාට පුළුවන් කියා පෙන්නන්න පුළුවන්.... අපි ඒවා පොහොට්ටුවේ නමින් බෙදමු.
රජතුමාට නම් සැප ගමන්... ජනතාවට තමයි ගංවතුරෙ ඉන්න වෙන්නේ...
ම්ම්..... අධිරාජ්‍යයෙන් ආයෙත් ආරාධනා කරලද?
ජපාන අධිරාජ්‍යයාගේ මේ ආරාධනාව මුළු මහත් ශ්‍රී ලංකාවටම කරනලද අති මහත් ගෞරවයක් හැටියට සලකන්න පුළුවන්! මහින්ද රාජපක්ෂ මහත්තයා කොහේ ගියත් අපට ප්‍රශ්නයක් නැත. එහෙම ගිහිල්ලා, රට කරවන ප්‍රභූන්ට අපහාසවන, ඔවුන් සුළු කොට තකන, "මට පුළුවන්, ඔවුන්ට බැහැ" කියන ආකාරයේ කතාවලින් වැළකී සිටියොත් "සකල සිරින් පිරි සිරි ලංකාව" අපහාසයට පත් නොකරනවා ඇත....