තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ලබන අපේ‍්‍රල් 05 වැනිදාට කල්තැබීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
පෙත්සම සම්බන්ධනයෙන් වන ලිඛිත දේශන ලබන 22 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය පෙත්සම්කරුට හා වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සහ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අවසන් කරමින් නියෝගය මෙදිනට කල් තැබිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරන බවයි.
මෙම කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබෙන බවත් , එම විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩු විභාගය සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණයේ පවතින නඩුකරය ඉතාම සාධාරණ ලෙසින් විභාගය වන බවයි.එසේම ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා නිසි ලෙස පරීක්ෂණ පවත්වා ඉදිරිපත් කළ බවච ඔහු අභියාචනාධිකරණය හමුවේ පැවසීය.

COMMENTS
නීතිපතිවරයා හෝ අදාල විනිසුරුවරයා මුලින්ම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තිබුනා.කොතරම් සාධාරණව නඩුව විභාග කලත් ඒ ගැන සෑහීමකට පත් වන්නේ නැහැ මම දන්නා තරමට නීතියේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන තියනවා දැන් ඒක පාවිච්චි කරලා නඩුව ඇදගෙන යන්න තමයි මේ උත්සාහය.
මේක අලුත් සම්ප්‍රදායක්. නඩුවක් අහන එක වලක්වගන්න උසාවියෙන්ම නියෝගයක් ගැනීම හොරකමට හොද ආදර්ශයක්
හොරු මෙලෙස නඩු කල් දාල, කාලය පැමිණිවිට මේ සියල්ල යට යන බව නම ජනතාවට පැහැදිලියි.