ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
මසුන් මැරීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළී යාමෙන් අතුරුදන් වී සිටි ධීවරයින් සිව් දෙනෙකුව වෙනත් ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන විත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ගතකර ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ පිරිසකි.
පසුගිය 18 වැනි දා අලුයම 2.00 ට පමණ මෙම ධීවරයින් පිරිස මසුන් මැරීම සඳහා හලාවත මෝය කටින් මුහුදට ගොස් තිබේ.
ඔවුන් ආපසු ගොඩබිමට පැමිණ යුතු නමුත් සවස් වන තුරුම නොපැමිණීම හේතුවෙන් එම ධීවරයින්ගේ ඥාතීන් විසින් මේ බව හලාවත පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.
පෙරළී ගිය යාත්‍රා දෙකෙහි සිටි ධීවරයින්ව වෙනත් යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන ඊයේ (18) රාත්‍රීයේ හලාවත ගොඩබිමට ගෙනවිත් තිබේ.
පසුව ඔවුන්ව ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ දිනවල බටහිර මුහුදු තීරයේ වාරකන් සමයයි. ඒ නිසා මුහුදු රළු වන බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ද අනතුරු අඟවයි.
නමුත් ඇතැම් ධීවරයින් එම අනතුරු ඇඟවීම් නොතකා මසුන් මැරීම සඳහා මුහුදු යාම නිසා මෙවැනි අනතුරු සිදුවන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd