සටහන / සේයාරු - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
නිති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි නාවික හමුදාව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන හලාවත වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රදිප් රොද්‍රිගෝ මහතා වෙත ඉදිරිපත් කල සැකකරුවන් 32 දෙනා ලබන දෙසැම්බර් 5 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි.
මෙසේ බන්ධනාගාර ගත කලේ හලාවත උඩප්පුව, යාපනය, මුලතිව්, යන ප්‍රදේශ වලින් නවසිලන්තයට රැකියා සදහා යාමට බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි පැවති සුළි කුණාටුව හේතුවෙන් යාත්‍රාවට හානි විමෙන් ආරච්චිකට්ටුව මුතුපන්තිය වෙරළ තිරයට ලගාවු යාත්‍රාවේ සිටි 32 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායකි.
මෙම සැකකරුවන් නිති විරෝධි ලෙස නවසිලන්තයට යාම සදහා කල්පිටිය හෝ ආසන්න ස්ථානයකින් බහුදින යාත්‍රාවට එක්වි ඇති බවත් තවත් පිරිසක් උඩප්පුව ආසන්නයේදි එක්වි තිබෙන බවද වාර්ථා වෙමින් තිබේ .
මුතුපන්තිය හා නගුල් එලිය ආසන්න ප්‍රදේශවල ධිවර ජනතාව පවසන්නේ බහු දින යාත්‍රාව යම් කිසි ආපදාවකට ලක්වි තිබිමත් සමග මුතුපන්තිය නගුල් එළිය ආසන්නයේ වෙරළ තිරයට 30 දින සවස 2කට පමන ගොඩ ගසා තිබු අතර එහිදි 20 කට වැඩි පිරිසක් පැන ගිය බවත් ඉන් පසුව නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඉතිරි සැකකරුවන් 32 ක් අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස පවසයි.
එසේ වෙරළ තිරයට ගොඩ ගැසු බහුදින යාත්‍රාව දැඩි ලෙස අබලන්ව මුතුපන්තිය නගුල් එලිය ආසන්නයේ වෙරළ තිරයේදි තිබුනද එය පවතින මුහුදු රළත් සමග විනාශ විමේ අවධානමට මුහුන දි තිබුනි . එම යාත්‍රාවේ තිබු අත්අඩංගුවට ගත් සැකකරුවන් සතු දෑ සමග වියළි ආහාර සහ තවත් දෑ ආරච්චිකට්ටුව පොලිසිය මගින් භාරයට ගෙන තිබුනි.


COMMENTS
32 ක් ජීවිතය පරදුවට තබලා මුහුදෙන් නවසීලන්තයට යන්න ලැහැස්ති වුණේ මේ රට එපාවෙලා. මියෙම්වා රැකෙම්වා කියා අර කාලගෝලයා වතුරට පැන්නා වගේ මේ මිනිස්සුත් මියෙම්වා, රැකෙම්වා කියා කුඩා බෝට්ටුවකින් කිලෝමීටර් දහස් ගණනක් ඈත රටකට, මොන දුක හරි විඳින්නම් කියලා යන්න ලොකු හේතුවක් ඇති නේද? මෙසේ අල්ලාගත් පලවෙනි කට්ටිය නොවෙයිනේ මේ. මේ ගොල්ලන්ගේ මුණුබුරන්ට හෝ සැපවත් ජීවිතයක් දෙන්නයි මේ මිනිස්සු හදන්නේ. නැතුව මේ මිනිස්සු ගියගමන් හොඳ ගෙවල්වල ඉන්න ලැබෙන්නේ නැහැ හිරේ වැටෙන බව ඒ ගොල්ලෝ දන්නවා.
පසුගිය දශක 3-4 තුල ලංකාවේ බොහෝ දෙනා, විශේෂයෙන්ම තරුණයින් රටින් පිටවීමට පටන් ගත්තේ ලංකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා නැති වීම, රැකියා විරල වීම, නිවසක් සාදාගෙන දරුවන් හොඳ පාසලකට දමා යහපත් ජීවිතයක් ගෙන යාමට නොහැකි වීම වැනි මානුෂීය හේතුන් මතයි. බමුණුආරච්චි සඳහන් කරන පරිදි මේ බොහෝ දෙනා පිට රටකට ගිය විගසම සැපවත් ජීවිත ගත කරන්නට පටන් ගන්නේ නැහැ. එබැවින් කල යුත්තේ මෙවැනි අය අත්අඩංගුවට ගැනීම නොව, ඔවුන්ට වෘත්තීමය පුහුණුවක් ලබාදී තමන් කැමති රටක ජීවත් වන්නට ඉඩ සැලසීමයි. මෑත කාලයේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට සංක්‍රමණය වන්නන් අත්අඩංගුවට ගැනීම බහුල වී ඇත. සමහර විට මෙය මෑතදී සිදුවුණු ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ලංකා සංචාරයේ ප්‍රතිඵලයක් විය හැකියි.
පුහු මාන්නය හා කුහකකම අතින් වගේම අධ්‍යාපනය, සෞඛ්‍යය, පමණක් නොව සංස්කෘතිය අතිනුත් ලොව කප් ගසා සිටින අපේ මේ, දේසෙට ප්‍රේමී ආඩම්බරකාර ජනතාව බෝට්ටු වලින් හොරෙන් පිටරටකට පනින්න යනවා කියන්නේ, ලෝකෙන් උතුම් රටේ ජීවත් වෙන ප්‍රබුද්ධ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. අර පිටරට සංවර්ධනය වූවා යයි පම්පෝරි ගහ ගන්න රටවල භූගෝලීය පිහිටීම පිළිබද ගැටළුවක් නොවේද?
"මැද පෙරදිගට "වහල්" සේවයට අපේ ශ්‍රමිකයන් යවනවා වෙනුවට " ඩොක්ටර් එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, ඔබ ඔය "වහල්" සේවය කියා ඇඟිල්ල දික් කරන්නේ ගෘහ සේවක සේවිකාවන් දිසාවට කියා අනුමාන කරමි. මැද පෙරදිගට ගෘහ සේවයට යන්නේ ලංකාවේ අය පමණක් නොවේ. ඉන්දියානු, බංගලිදේශ, පකිස්තානු, පිලිපීන, ඉන්දුනීසියානු ජාතිකයින්ද මේ රැකියාව සඳහා මැදපෙරදිග යන්නේය. නමුත් පිලිපීන, ඉන්දුනීසියානු ජාතික කාන්තාවන්ට මැදපෙරදිග ගෘහවල හිමිවන ස්ථානය. ඉන්දියානු, බංගලිදේශ, පකිස්තානු සහ ලංකාවේ ගැහැනුන්ට හිමිවන්නේ නැත. හේතුව ඔවුන්ගේ සමේ පාට සහ ඉංග්‍රීසි දැනුමය. එමනිසා ඔවුනට වැඩි වැටුපක්ද ලැබෙන්නේය.