අජන්ත කුමාර අගලකඩ
උතුරු පළාත් මහ ඇමැති සී.වි. විග්නේෂ්වරන් මහතාට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරිම සඳහා බලපත්‍රයක් නිකුත් කිරිමට ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අද (2) ප්‍රතිකේෂ්ප කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (2) දහවල් පැවති කැබිනට් රැස්වීමේ දී අදාළ යෝජනාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් ඉදිරිපත් කර තිබු බවද වාර්තා විය.
උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට ඇමෙරිකා ඩොලර් 60,000 ක වාහනයක් තීරු බදු රහිතව ආනයනය කිරිම සඳහා බලපත්‍රයක් නිකුත් කිරිමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
මැති ඇමැතිවරුන්ට නිකුත් කරන වාහන බලපත්‍ර වසරකට අත්හිටුවා තිබෙන බැවින් සහ උතුරු පළාත් සභාවේ නිල කාලය තවත් දින කිහිපයකින් අවසන් විමට නියමිතව ඇති බැවින් මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව ඇමැතිවරුන් කිහිපදෙනකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
ඇමැතිවරුන්ගේ විරෝධය හමුවේ යෝජනා කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වු බවද වාර්තාවේ.
COMMENTS
අපි එහෙම තමා , සංහිදියාව වෙනුවෙන් එයාට, ඕන දෙයක් කරන්න ,කියන්න දෙනවා. නමුත් කාර් ගෙන්න දෙන්නේ නැහැ.
රටට ආදරය කරන පාලකයෝ තාම ලංකාවේ නැහැ. රටේ තත්වය වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ටිකක් රට පාලනය කරන්නේ.
විකුණලා හවුලේ ලාබේ බෙදාගන්න වෙන්නැති හිතන් ඉන්න ඇත්තේ.
ඇයි මෙතුමා බදු ගෙවලා වාහනයක් ගන්න බැරි තරම් සල්ලි නැති කෙනෙක්ද.?
වාහන ආනයනය අත්හිටවලා තියන මොහොතක, නිල කාලය අවසන් වෙන්න දින කිහිපයක් තියන මහ ඇමතිවරයෙක්ට නිල රථයක් ආනයනය කරන්න තරම් මේ වගේ ඇමතිවරයෙක් ලංකාවේ යහාපාලන ආණ්ඩුවේ හැර ලොවෙත් නැතිව ඇති.
මේ කොයිකාගේත් කෙරුවාව පේනවා රටදිහා බලපුවහම. මේගොල්ලො යමක්කරානම් අද අපි මෙහෙම නෑ මේකාටවත් පර්මිට් දෙන්න හොඳ නැහැ.
මේකද අද උතුරේ ජනතාවගේ ප්‍රශ්න? මෙයාට සැප වාහන දුන්න ගමන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවද? මේ පළාත් සභා ගෙනාවේ විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලෙස. නමුත් ප්‍රායෝගික මේක විසඳුමක් වුණත් නැහැ. ඔන්න බලන්න බලය බෙදාහැරීම මුවාවෙන්, මේ විග්නේශ්වරන් කරන වැඩ. උතුරේ ජනතාවට මේවා පැහිදිලි කරන්න ඕනෑ...