රොමේෂ් මධුෂංඛ
මන්නාරම, මුහුදු සීමාවේ මසුන් අල්ලමින් තිබූ බෝට්ටුවක සිදුවු පිපිරීමකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.
මන්නාරම පොලිසිය පැවසූවේ 31 වැනිදා රාත්‍රියේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරින් මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි ජෙසු රන්ජිත් නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ.ඒ.සිත්ති ප්‍රිකාඩෝ නමැති 35 හැවිරිදි පුද්ගලයකු,එම්.ඔගස්ටින් ප්‍රිකාඩෝ නමැති 26 හැවිරිදි පුද්ගලයකු,ඇන්තෝනි ප්‍රිකාඩෝ නමැති 39 හැවිරිදි පුද්ගලයකුද තුවාල ලබා ඇති බවද මන්නාරම් පොලිසිය කියයි.
පොලිසිය පැවසූවේ අදාළ පුද්ගලයින්ගේ මළ සිරුරු හා තුවාල ලැබූවන් ගොඩබිම වෙත පැමිණීමෙන් පසුව තුවාලකරුවන් රෝහල් වෙතට මාරුකර යැවීමට පියවර ගත් බවටයි.
මියගිය පුද්ගලයාගේ මළසිරුර මන්නාරම රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් තැන්පත් කර ඇත.
ධීවර කටයුතුවල නිරත වූ අනෙක් ධීවරයින් කියාසිටියේ මසුන් ඇල්ලීමට යෙදු ඩයිනමයිට් පිපිරීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවයි.
2025 දෙසැම්බර් මස 04
281
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මසුන්ට දාන්න ගිය ඩයිනමයිට් බෝට්ටුවේ පිපිරීමෙන් අයෙක් මරුට
පිටිගල මිලානෝ Sunday, 02 September 2018 07:02 AM
පර පණ නසන්නන්ට එම පව් වල විපාක මෙලොවදීත්, පරලොවදීත් ලැබේ.
KamalSunday, 02 September 2018 10:18 AM
පිටිගල බණ කියකිය මාළු කනවා නේද?
LashanSunday, 02 September 2018 11:35 AM
එතකොට පිපුරුණේ නැති බෝට්ටුවල අය?