IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මසූද් අෂාර් අසාදු ලේඛනයට ගැනීම ප්‍රමාද කෙරෙයි

චීනය සහ පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් අසාදු ලේඛනයට එකතු කිරීම ප්‍රමාද කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් අසාදු ලේඛනගත කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය. 

 
තාක්ෂණික කරුණක් මත ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් නායකයා අසාදු ලේඛන ගත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිටින දූත පිරිස ලියවිල්ලක් යොමු කළේය.
 
 
චීනය එසේ ඉල්ලා සිටියේ ඇයි ද යන්නට හේතු සඳහන් කර නැති නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීමට කාලය අවශ්‍ය බව චීනය පවසා ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් කියැවිණි. 
 
ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් ‘බ්ලැක් ලිස්ට්’ කරන්නැයි කරන ලද ඉල්ලීම අවහිර කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. චීනයේ එම ක්‍රියාවත් සමඟ දේශීය සමාජ මාධ්‍යජාල ඔස්සේ අලෙවිකරණ හා ප්‍රවර්ධනය කෙරෙන චීන නිෂ්පාදන තහනම් කිරීමට ද ඉන්දියාව පියවර ගත් බව වාර්තා විය.
 
 චීනය එලෙස අදාළ යෝජනාව අවහිර කිරීම එසේත් නැතිනම් ප්‍රමාද කිරීම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම වෙනුවෙන් චීනය සහ ඇමෙරිකාව අතර තිබෙන සාමූහික අරමුණට ප්‍රතිවිරුද්ධ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේය. 
 
 ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදි ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 ක් ජීවිතක්ෂයට පත්වූහ. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. එම ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුන්තාව උග්‍ර අතට හැරිණි.
 
 එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තාන එකිනෙකාට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඔවුනොවුන්ගේ ගුවන් හමුදාවලට අයත් ප්‍රහාරක ජෙට් යානා බිම හෙළු බව දෙපාර්ශවයම නිවේදනය කළේය. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය මසූද් අෂාර්ගේ වත්කම් අත්හිටුවන්නැයි ද, සංචාරක තහනමක් සහ ආයුද තහනමක් පනවන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉස්ලාමික් ස්ටේට් සහ අල් කයිඩා සම්බාධක කමිටුවෙන් ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිත්‍ය සාමාජික රටවල් පහද ඇතුළුව සාමාජික රටවල් 15කින් සමන්විතය. එම කමිටුව සිය වැඩ කටයුතු සිදු කරනුයේ පොදු එකඟතාව මතය. 
 
 
රොයිටර් ඇසුරිනි
 
 055

 



අදහස් (0)

මසූද් අෂාර් අසාදු ලේඛනයට ගැනීම ප්‍රමාද කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site