අල්ලස් හා දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (04) ඔහු ක්වාලාලම්පූර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නජීබ් මහතා විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්දයෙන් චෝදනා නගා ඇති අතර රාජ්‍ය සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන 700ක් වංචා කිරීම සම්බන්දයෙන් වරදකරු වී ඇති බව පැවසේ.
ඔහු විසින් පරිහරණය කරන ලද මෙම අරමුදලේ ගනන්හිලව් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි.
නජීබ් මහතා මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු සිදු කළ විමර්ශන මගින් මෙම තොරතුරු සොයාගෙන තිබේ.
හිටපු අගමැතිවරයාට මැලේසියාවෙන් පිටවීම ද තහනම් කර ඇත.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. දිෂ්ඩි ඩිඩින්... දිෂ්ඩි ඩිඩින්...
බැඳුම්කර හොරකමේ මහා මොලකරු, අපේ රටේ අය තවම නිදැල්ලේ... හැමෝම විරුද්ධ වෙද්දී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කළේ හොරකම් කිරීමට තමුන්ගේ කෙනෙක් පත් කිරීමටයි...
මහතීර් මොහොමඩ් බලයට පත්වෙලා මාස කීපයයි. ඒත් අපේ "යහපාලන" ආණ්ඩුව බලයට ආවේ, වංචා දූෂණ නැති කරන්න. හැබැයි කතාව දෝලාවෙන්, ගමන පයින්... බැඳුම්කර කොමිසම, මිග් ගුවන් යානා ගනුදෙනුව, අලුතෙන්ම ආපු, හිටපු ජනාධිපතිතුමාගේ ඩොලර් 7 කොමිස්. කෝ මේවට පරීක්ෂණ, නඩු? හැම දේම හරිම හෙමින්.. ඊළඟ ඡන්දයට කලින් වත් ඉවර කළොත් රටට හොඳයි..
සිරිමල්... මැලේසියාවේ නඩු බඩුත් එක්ක අත්අඩංගුවට අරගත්තේ හිටපු අගමැතිව... ඒ කියන විදියට ලංකාවේ කරන්න බැරි බොරුවට හොරා හොරා කියල ඡන්දෙ ගත්තට නඩු දාන්න ඔප්පු කරන්න දෙයක් නැහැ. ඔප්පුකරන්න බැරි දේකට බොරුවට නඩු දාලා වන්දි මිලියන ගණන් ගෙවන්න වෙන බව දන්නවා ඉදිරියේදී.. එ්ක නිසා ගිය ආණ්ඩුවේ වුණායැයි කියන මුදල් අවභාවිතය සමහරක් විශ්වාස කළාට දැන් තේරෙනවා කරපු මෝඩකම. එකටත් එක්ක මහදවල්ම මහ බැංකුවට ගේම දුන්නා. ඒ බඩු තාමත් දියවන්නාවේ මඩුවේ රජ කරනවා රටටම බොරුවේත් හොඳම එක පෙන්නමින්...
දැන් අපේ ජනාධිපතිතුමා මේක පත්තරෙන් දකියි වගේ.. එයාගේ තානාපති නිලධාරීන් නම් තවම මේවා දන්නේ නැහැනේ. හැබැයි ඉතින් අර මහ බැංකුව කොල්ලකන්න උදව් වෙච්ච අයත් ඉන්නේ ඔබතුමා ලඟම තමයි..
ලංකාවේ තුප්පහි පාලකයන් ඉන්න රටක යලි කවදාවත් නොඉපදේවා!!!