( තිළිණි ද සිල්වා )
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකක නීතවිරෝධී සංක්‍රමණිකයින් 131 දෙනාගේ අනන්‍යතාව ලැබී ඇති මූලික තොරතුරු අනුව ඔවුන්ගෙන් 43 දෙනකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (06) පැවසීය .
මේ වනවිට මෙම නීතවිරෝධී සංක්‍රමණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මැලේසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලාංකිකයන් 132 දෙනෙකු මැලේසියානු පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව පළවූ පුවත් වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ඉකුත් 01 වැනි දින ජොහොර් බාරු හි, සෙදිලි, තන්ජුන්ග් ගමෝහ්වලදී ශ්‍රී ලාංකිකයන් බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් 131 දෙනකු රඳවා ගනු ලැබූ බව මැලේසියානු රාජකීය පොලිසියේ විශේෂ ශාඛාව තහවුරු කොට ඇති බවය.
මෙම පුද්ගලයන් 131 දෙනාගෙන් 127දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අංක 1959/63 දරන ආගමන පනත යටතේ බවත් ඔවුහු මේ වන විට ජොහොර් බාරුහි පෙකන් නෙනාස් ආගමන රඳවාගැනීම් මධ්‍යස්ථානයේ රඳවා ගනු ලැබ සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඉතිරි පුද්ගලයන් සිවුදෙනා 2007 පුද්ගල ජාවාරම් සහ සංක්‍රමණිකයන් අවහරණය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබුණු විට සුදුසු පරිද්දෙන් එම තොරතුරු ජනතාව වෙත දැනුම් දෙනු ඇති අතර එසේ ලබා දෙන තොරතුරු දැනට මේ සම්බන්ධයෙන් කෙරෙමින් පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් නොවිය යුතුය බවට විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරන බවද එම නිවේදනයේ සදහන්ය.
2025 දෙසැම්බර් මස 04
73
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැලේසියාවේදී ඇල්ලූ 43කට එක්සත් ජාතීන්ගේ සරණාගත හැදුනුම්පත් තිබිලා