IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මැලේරියා රෝගීන් යළි හමුවෙයි

 

(අජිත්ලාල් ශාන්තඋදය)

මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ශ‍්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් පිරිසක් යළි හමුවී ඇතත් මැලේරියා මර්දන කටයුතු සඳහා ලෝක පරිත්‍යාග නොලැබෙන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා පවසයි.

රත්නපුර ඩයමන්ඞ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා.

   ‘‘මැලේරියාව කියන්නේ වසංගත රෝගයක්. ලංකාවේ 80000 වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වෙලා තියනවා මැලේරියාව නිසා.අතීතයේ සමහර රාජධානි නැත්තටම නැතිවෙලා තියනවා මැලේරියාව නිසා. 1955ට පෙර මැලේරියාව නිසා අපි සෑහෙන්න බැටකෑවා. මිලියන 5.5ක් විතර මැලේරියාවෙන් පෙලූනා. අපේ රටෙන් මැලේරියාව තුරන් කරලා වසර පහක් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 2012 අපේ රටට ඇවිත් ඒ අය කළ සොයා බැලීම් අනුව අපේ රට මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 දී නම් කළා. ඒ නිසා දැන් මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා දෙන ලෝක ආධාර අපට ඉදිරියේ දී ලැබෙන්නේ නැතුව යනවා.

නමුත් අපි මැලේරියාව මර්දනය කළත් පසුගිය වසරේ සිට යළිත් වරක් මැලේරියා රෝගීන් හමුවෙන්න පටන් අරං තියනවා. මධ්‍යම අප‍්‍රිකානු රටවල්, දකුණු සහ අග්නිදිග ආසියා රටවල්, දකුණු සහ ලතින් ඇමරිකානු රටවල තවමත් මැලේරියා වසංගතය තියනවා. ඒ රටවල යන එන අයගෙන් ප‍්‍රතිපෝෂකයා ලංකාවට ඒමේ අවදානම වැඩියි.

අපේ රටෙන් හමුවුණ මැලේරියා රෝගින් සම්බන්ධයෙන් සොයා බැලූවා. 2017 හමුවූ රෝගින් පනස් හය දෙනාගෙන් වැඩි ප‍්‍රමාණයක් බස්නාහිර පළාතෙන්. නමුත් ඊළඟට වැඩිම ප‍්‍රමාණය රත්නපුර දිස්ත‍්‍රික්කයෙන්. මැඩගස්කරයට සහ මොසැම්බික් වැනි රටවල මැණික් ව්‍යාපාරික කටයුතුවලට ගිය අයගෙන් රත්නපුරේට මැලේරියා ප‍්‍රතිපෝෂකයා ගෙනත් තියෙන්නේ. ඉන් හතර පස් දෙනෙකුට ඉතා අසාධ්‍ය වුණා.

ඉන්දියාවෙත් මැලේරියාව තියනවා. විශේෂයෙන් ඉන්දියාවේ වන්දනාවේ යන බැතිමතුන්ගෙනුත් මැලේරියා ප‍්‍රතිපෝෂකයා අපේ රටට එනවා. මැලේරියාව බෝකරන ඇනොපිල්ස් මදුරුවා අපේ රටේ ඉන්නවා. නමුත් මැලේරියා ප‍්‍රතිපෝෂකයා එසේත් නැත්නම් විෂබීජය අපි තුරන් කරලා තියෙන්නේ.

දැන් අපිට වෙලා තියෙන්නේ මැලේරියා වසංගතය තියන  විදෙස් රටවලට යන එන ලාංකිකයන්ගෙන් සහ ඒ රටවලින් අපේ රටට එන පුද්ගලයන්ගෙන් සහ මැලේරියාව ඇති රටවලින් එන සරණාගතයන්ගෙන් මේ ප‍්‍රතිපෝෂකයා යළි රටට ඇතුලූවිය හැකියි යන අවදානමයි.

දැන් වෙලා තියෙන්නෙත් ඒක. කෝටි දෙකකට වැඩි ජනතාවක් ඉන්න රටක පනස් හය දෙනක් වැනි සුලූ ප‍්‍රමාණයක මැලේරියා රෝගින් සිටීම නොසලකා හැරිය යුතුයි කියලා කෙනෙකුට හිතේවි.

නමුත් විෂබීජය පැතිරෙන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් රටපුරා රෝගය පැතිර යන්නට හැකි අවදානම වැඩියි. එහෙම වුණොත් රෝග මර්දන කටයුතු වලට වියදම දරන්න වෙන්නේ රජයට. මැලේරියාවෙන් තොර රටක් ලෙස නම්කර ඇති අපේ රටට මැලේරියා මර්දනයට දෙන සහනාධාර ලෝකයෙන් නොලැබෙන නිසා.

මැලේරියාව බෝකරන ඇනොපිල්ස් ස්ටීවන්සන් කියන මදුරුවා මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්ක වලින් හමුවෙලා තියනවා. නමුත් මේ මදුරුදුවාගේ ප‍්‍රතිපෝෂකයින් හෙවත් විෂබීජ නෑ. නමුත් ප‍්‍රතිපෝෂකයා ඇතිවුණොත් නාගරික මැලේරියාවත් පැතිර යා හැකියි. 

ඒ නිසා මැලේරියාව තියන රටවලට යන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලන්නේ මැලේරියාව වැළඳීම වැළැක්වීමට ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් ඔබට නොමිලේ දෙන ඖෂධ මාත‍්‍රාව ලබාගන්න කියලයි.

දෙවැන්න ඒ ඖෂධ එහෙදි පාවිච්චි කරන්න. තුන් වැන්න ඒ රටවල දි සවස් කාලයේ අත්දිග ඇඳුම් වැනි ශරීරයේ වැඩි කොටසක් වැසෙන ඇඳුම් අඳින්න. සිව්වැන්න නම් රාත‍්‍රීයේ නිදනවිට මදුරු දැලක් භාවිතා කිරීමයි.

තුරන් කළ මැලේරියාව යළි ඇති නොවන තැනට වගබලා ගැනීම ජනතාවක් ලෙස අපිට ලොකු වගකීමක් තියනවා. දැන් ඖෂධ නිකුත් කරන්නේ කොළඹ ජාතික මැලේරියා මර්ධන මූලස්ථානයෙන්. ඊට අමතරව මැලේරියා මරදන ව්‍යාපාරයට අයත් ප‍්‍රාදේශීය කාර්යාල හරහාත් ඖෂධ ලබාගත හැකියි.‘‘

 

 



අදහස් (8)

මැලේරියා රෝගීන් යළි හමුවෙයි

sanath Monday, 13 August 2018 05:10 PM

අපේ රටේ දී හමුවෙන මැලේරියා රෝගීන් අනොපිලිස් මදුරුවාගෙන් ආරක්ෂා කරගත්තොත් වෙන කාටවත් බෝවෙන්නේ නැහැ.

:       0       0

sanjeewa Monday, 13 August 2018 11:47 PM

අපේ සුවපති තුමා ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ. ඕව එයාට කජු ඇට කොස් ඇට වගේ.

:       4       1

maraya Tuesday, 14 August 2018 03:37 AM

මැලේරියාව මොකෝ කොටි මොකෝ, නැතිවුණා දේවල් අයෙත් එන බව හැම පැත්තෙන්ම පේනවා. රටේ අභාග්‍ය

:       29       108

Dilmini Sampath Tuesday, 14 August 2018 04:27 AM

මිනිස්සු ගිහිල්ල ඕක ස්වේච්චාවෙන් ගන්නේ නැහැ. මැලේරියා තියන රටවලට එයාපොර්ට් එකෙන් පිටවෙන අයට ඔය එන්නත ලබාගැනීම අනිවාර්ය කරලා නීති දාණ්ඩ ඕනේ. ශ්‍රී ලංකාවට එන අයටත් වීසා ලබාගැනීමට ඕක අනිවාර්ය කරන්ඩ ඕනේ. ඇමෙරිකාව කරලා තියෙන්නේ එහෙමයි.

:       0       53

කිං දාවිත් Tuesday, 14 August 2018 09:04 AM

වැඩ බැරි අය රටේ මහ පුටුවල ඉන්නකොට මෙහෙමත් වෙනවා ඇති...

:       0       20

RNG Tuesday, 14 August 2018 09:27 AM

යහපාලකයෝ ආවත් හරි රට නැත්තටම නැති වෙනවා වගේ.

:       0       50

Samathasena A . Aluthgamage. Tuesday, 14 August 2018 09:44 AM

අලි මදිවට කොටි කිව්වලු. මෙතෙක් කල් ඩෙංගුවාගෙන් දඩ සහ බැට කාපු ජනතාවට තවත් කරුමයක් පාත්වෙලා. පී එච් අයි වරුන්ට දඩ කොමිස් ,ජනාධිපති කාර්ය සාධක බලකායට බටා ලබා ගැනීමටත්, ජනතාවට තවත් ගින්දරකුත් ලංවුනා.

:       0       307

Samathasena A . Aluthgamage. Tuesday, 14 August 2018 11:36 AM

" ඩෙංගුව දුන්න දුක් ගින්දර මදිද අනේ " " හදලා දැලක් රට වටකොට එලමු පනේ " " මදුරුව නසනු වෙනුවට දඩ ගහන ඇනේ " " මැලේරියාවෙන් එලියට වඩිනු පෙනේ "

:       0       214

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28173 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18187 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 663 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site