(මනෝප‍්‍රිය ගුණසේකර)
දිවයිනපුරා විහිද ඇති සුපිරි වෙළඳ ජාලයක සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 80කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වු එම සුපිරි වෙළඳ ජාලයේ ගිණුම් සහකාරවරයකුට මාස 18ක බරපලත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (11) නියම කළේය.
සුපිරි වෙළඳ ජාලයෙන් සාවද්‍ය ලෙස පරිහරණය කළ රුපියල් ලක්‍ෂ 80ක මුදල වන්දියක් ලෙස එම ආයතනයට ගෙවීමට නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවුවහොත් අමතර මාස 20 ක බරපලත වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ එම සුපිරි වෙළඳ ජාලයේ කොළඹ කොටුවේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශයේ ගිණුම් සහකාරවරයකු ලෙස සේවය කළ මොහොමඞ් මොහිදීන් කාසිම් හසීම් නමැත්තකුටය.
2003 ජුනි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රුපියල් ලක්‍ෂ 80කට අධික මුදලක් සාවද්‍ය ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නඟා ඇති සියළුම චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ අතර එම දඬුවම් වලට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මූල්‍ය වංචාවක් කළැයි සුපිරි වෙළඳජාලයක ගිණුම් සහකාරවරයෙක් මාස 18 ක් හිරේට
Uditha - Abu Dhabi Tuesday, 11 September 2018 10:20 AM
ඔන්න ඔය වගේ ... ලංකාවේ ඔය ලොකු ලොකු ලොක්කන්ගේ නඩු ටිකත් අහල ඉක්මනට දෙන තීන්දුවක් දෙන්නකෝ ඇද ඇද ඉන්නේ නැතුව.. ලංකාව තරම් හොරු ඉන්න රටක් මගේ ජීවිතේට දැකල නැහැ...
shanika Tuesday, 11 September 2018 01:40 PM
උදිත ඉක්මනට නොවේ අවුරුදු 15ක් ම නඩු අහලා තීන්දුව දීලා තියන්නේ.