(විනීතා එම් ගමගේ)
රටේ මූල්‍ය අර්බුදය උග‍්‍රව පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
මේ සම්බන්ධව කථානායකවරයා වෙත අද (27) ලිපියක් යැවූ බවද ගුණවර්ධන මහතා කීය.
ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් කැබිනට් මණ්ඩලය රැස් කිරීමෙන් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි නොවන බවත් වහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අමතමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
‘‘රට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා. සමහර මූල්‍ය සමාගම් වහන්න ඔන්න මෙන්න. මහ බැංකුව සතිපතා නිකුත් කරන මුල්‍ය වාර්තාව බැලූවම මේ තත්ත්වය ඉතා ම හොඳින් වටහා ගත හැකියි. ’’ යැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරලුගොඩ සිංහයන්ටත් අපහාස කරන මේ අය තවමත් දේශපාලනය කරතත් රටට තියා තමන්ගේ ගම් පළාතටවත් කිසිඳු සෙතක් සිදුවී නෑ. පරිනත දේශපාලකයෙක් වුවත් කඩේ යන ගමන් මොනවා හරි වල්පල් දොඩවනවා. ඒ කාලේ සිදුවුණු පැහැරගැනීම් මරාදැමීම් වංචාවල් දූෂණයන්, මූල්‍ය අර්බුද ගැන වචනයක් කතා කළාද? මහින්ද ඉන්න කාලෙත් අපි ණයට තමයි කාවේ. ඒ ගත්ත ණය වලින් රටේ සංවර්ධනයට සොච්චමක් යොදවලා වැඩි හරියක් දේශපාලකයන්ගේ සාක්කු පිරෙද්දී පාර්ලිමේන්තුව කැඳවන්න නොකිව්වේ... ඒ දවස්වල මෙතුමා හිටියේ කොමා එකේද?
මහත්තයෝ දැන්ද "ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින්..." කියන එක සිහියට ආවේ? ඇමතිවරයෙක් වෙලා හිටපු පහුගිය රෙජීමය තුට්ටුවකටවත් ගණන් නොගත්බව, ඒ කාලේ මතක් වුණේ නැද්ද? මතක් වුණත් ඒ ගැන දොඩවන්න අවසරයක් තිබ්බේ නැහැ නේද? රටේ මුදල්, විදේශ ආධාර එහෙම ගියේ කොහේද කියා දන්නා කෙනෙක් මේ මිහිපිට නැත.... ජෝකර් කෙනෙක් වගේ කතා නොකිරීමට 2018 වසරේදීවත් හැකි වේවා !!!
ලංකා ඉතිහාසයේ රටට කිසිම දෙයක් නොකර කොහේ හෝ එල්ලී තම මන්ත්‍රීකම පමණක් රැකගන්න මුළු ජීවිත කාලයම කැපකල එකම දේශපාලනඥයාය.
නන්දන, ගිය ආණ්ඩුව කාලේ ඔය කියන මූල්‍ය අර්බුදයක් තිබුනේ නැත. ඩොලරය රු 130 යි ගෙවූ පොලී අනුපාතය 7.5 යි. ආර්ථිකය ඔය ගන්නට තියාගෙන සිටියේ යුද්ධයකුත් අවසන් කරලා මහා ව්‍යපෘති ගණනාවක් කරලා... මේ අවුරුදු 3ට මේ ගොල්ලෝ මහබැංකුව කොල්ලකෑම හැරෙන්නට වෙන රටට කරපු මගුලක් නැත. කොල්ල කෑම නිසා නිසා වුණු පාඩුව ට්‍රිලියන් ගණනක්. ඇත්ත වසන් කරන්න තරම් කුහක වෙන්න එපා. මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී තිබුණට දැන් හාල් පිටරටින් ගෙන්වනවා. දැන් කියන්න එපා ගංවතුර තිබුණා කියලා. මහින්ද පාලනය කළ අවුරුදු 10 ත් ගංවතුර තිබුණා..
ඔය ඒකාබද්ධයේ කියාගන්න අය බලාගෙන ඉන්නේ රටට වින්නැහියක් වෙනකම්, බොර දියේ මාළු බාන්න. ඕක තමයි ලංකාවේ තියෙන මජර දේශපාලනේ...