IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


‘මිලේනියම්‘ සිටි නඩුවේ ලිපි ලේඛන හඳුනාගනී

(මනෝප‍්‍රිය ගුණසේකර)


ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවේ සාක්කි දුන් එම බුද්ධි බළකායේ සේවය කළ පේ‍්‍රමානන්ද උදලාගම මහතා ‘‘මිලේනියම් සිටි’’ යුද හමුදා ආරක්‍ෂක නිවාසයේ තිබී සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද ලිපි ලේඛන කොළඹ මහාධිකරණයේදී හඳුනා ගත්තේය.


ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින්  පවරා ඇති නඩුව ලබන කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක සම්පත් විජේරත්න මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් පේ‍්‍රමානන්ද උදලාගම මහතා අදාළ ලිපි ලේඛන එලෙස හඳුනා ගත්තේය.


මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.


2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ‍්‍රී ලංකා ජනරජයේ  ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන් රැදී සිටි අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, එහි රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින්  චෝදනා නඟා තිබිණි.


විත්තිකරු වෙනුවෙන් නීතීඥ චමීර හපුතන්තී‍්‍ර සහ නීතීඥ පසිඳු තිලකරත්න සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.



අදහස් (4)

‘මිලේනියම්‘ සිටි නඩුවේ ලිපි ලේඛන හඳුනාගනී

සතයපාල Wednesday, 13 June 2018 02:03 PM

වසර දහසයක් ගතවෙලාත් තවම මෙම නඩුව ඉවර කරන්න බැරිවීමෙන් පෙනෙනවා අපේ රටේ අධිකරණ පද්ධතියේ ඇති අකාර්යක්ෂම හා වියවුල් මන්දගාමි ස්වභාවය. මෙයට පිළියම් කරනවා විනා අධිකරණයට අපහාස කලේ කවුරුද කියා හොයා බලන්න කාලය නාස්ති කිරිම ඵලක් නැති ක්‍රියාවකි.

:       0       61

SimiyonThursday, 14 June 2018 12:15 AM

මේ සඳහා කොමිසමකුත් පත්කළා නේද? වාර්තාව 30 අවුරුද්දකට වඩා තැබුවා නේද?

:       0       0

kiki Thursday, 14 June 2018 12:01 AM

නීතිඥ සාලිය පිරිස්.. නඩුවේ තීන්දුව මම දැන් කියන්නම්... ඔන්න බබෝ යහපාලනය..

:       0       0

Rasika Thursday, 14 June 2018 01:32 AM

මේවට හරියට දඩුවම් නොදීපු නිසයි නැවතත් බුද්ධි අංශය පාවලා දෙන්නේ... මොවුන්ට දඩුවම් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1847 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1493 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site