IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මුලින්ම පුංචි ඡන්දේ

(ආරියරත්න රණබාහු)

මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී බදාදා (26) පැවැසීය.

ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රීලනිපය මේ වනතුරු කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද ඇමැතිවරයා කීය.

කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී ඇමැතිවරයා මෙසේද කීය.

අපි ඉතාමත් පැහැදිලිව ඉන්නේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් ඉක්මනින් තියන්න  ඕනෑ කියන මතයේයි. පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදීත් වහාම පළාත් පාලන මැතිවරණයකට යන්න  ඕනෑ යැයි කියලා සාකච්ඡා කළා.

වෙනත් සියලූම මැතිවරණවලට ප‍්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු යැයි කියන මතයේ අපි ඉන්නවා.

කුණු කන්ද වගේ ඇති වුණ සිද්ධීන්වලදී මහජන නියෝජිතයන්ගේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ශ්‍රීලනිපයේ අපි කිසි ආකාරයකින් පළාත් පාලන මැතිවරණය කල් දාන්න යන්නේ නැහැ. ජනමත විචාරණයක් හෝ වෙනත් මැතිවරණයක් නොවෙයි අපි තියන්නේ පළාත් පාලන මැතිවරණයයි.

පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ නව ක‍්‍රමය යටතේයි. ඒකටයි අපි අවුරුදු 1 1/2 ක් පරක්කු කළේ. සමහර කට්ටිය විවිධ කතන්දර කියනවා ඒ ක‍්‍රමය පැත්තට දාන්න.

නමුත් අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ අලූත් මැතිවරණ ක‍්‍රමය අනුව යැයිද ඇමැතිවරයා කීය.



අදහස් (2)

මුලින්ම පුංචි ඡන්දේ

SIRI Thursday, 27 April 2017 06:58 AM

අමරවීර මහත්තයෝ,... බොරු කියන්න එපා. පළාත් පාලන මැතිවරණය කල් දාන්නේ නැහැ කිවුවට මෙච්චරකල් මොකද කළේ? නව ක්‍රමයට යන්න ඕනේ නිසා කල් දැම්මාලු. මේවා හොඳයි ගැලරියට. යහපාලනයට හේත්තුවෙලා ඇමතිකම් අරගෙන ඒවා භුක්තිවිඳිමින් ජනතාව අන්දන්න එපා. ඔබලා සැමට ලබන ඡන්දේදි නිසි පිළිතුරු ලැබෙයි. එතෙක් ඔබලා හරියට "වතුර රත්වෙනකල් නටපු කකුළුවෝ" වගෙයි.

:       0       0

wasantha Thursday, 27 April 2017 07:57 AM

2020 වෙනකම් ඡන්දේ එපා. සියලුම ඡන්දේ එක වර තබන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site