(ප්‍රසාද් මුතුකුඩ)
මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක වැසිකිලියේ සගවා තිබු අයිතිකරුවෙකු නොමැති හෙරොයින් සහිත පාර්සල් හතරක් අද (31) අලුයම සොයාගත් බව ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි.
ජලය කාන්දු නොවන පරිදි ඇසුරු බ්‍රවුන් සුගර් වර්ගයට අයත් රුපියල් මිලියන 14ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 04 ක් එහි තිබූ බව බස්නායක මහතා කියයි.
ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ් ඉසෙඩ් 555දරණ ගුවන් යානයේ මෙම පාර්සලය තිබූ බව ද ඒ මහතා කියයි.
යානය පරික්ෂාවෙන් පසු මුදා හැරීමට කටයුතු කළ බව බස්නායක මහතා ප්‍රකාශ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් ආවරණ වත් නොමැතිව හොර බඩු හෝ අනතුරුදායක බඩු අල්ලාගෙන ඉන්න එක වෘත්තියමය බලධාරීන් නොකළ යුතු වැඩක්.