මාලේහිදීය (රොයිටර්)
මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මැතිවරණයෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත වරක් ජයගනු ඇතැයි පැවැසුණු අතර මැතිවරණය නිදහස් හා සාධාරණ නොවූ බව ද ජාත්‍යන්තරය ඇතුළු බොහෝ පාර්ශව චෝදනා කළහ.
කෙසේ නමුත් මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15ක් ඉදිරියෙන් සිටීමට විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි සමත්ව ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
ඡන්ද පෙට්ටි 472න් 250ක ඡන්දය ගණනය කර අවසන් බවත් ඒ අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහීම්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා සියයට 15.4ක් ඉදිරියෙන් සිටින්නේ යැයි මාලදිවයිනේ ‘මිහාරු’ පුවත් සේවය වාර්තා කළේය. තවත් ඡන්ද පෙට්ටි 222ක ඡන්දය ගණනය කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද 130,000 ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව පැවසේ.
‘මාලිදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්.ඩී.පී)’ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි සමස්ත ඡන්දයෙන් සියයට 63ක ප්‍රතිශතයක් හිමි කරගෙන ජනාධිපතිවරණය ජයගෙන ඇතැයි මාලදිවයිනේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.
තම පක්ෂයට සහාය ලැබෙන ප්‍රදේශ කිහිපයකම ප්‍රතිඵල නිකුත් වී නැතැයි ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය වන ‘මාලදිවයින් ප්‍රගතිශීලි පක්ෂයේ (පී.පී.පී)’ නිලධරයෙක් කීය.
(055)
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්
Keppetipola Monday, 24 September 2018 05:17 AM
මාලදිවයිනේ පක්ෂ දෙකේම ඉන්නේ අපේ රටේ මෙන් පට්ට පල් හොරුය. හැම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් කොමිස් ලබා ගැනීම මොවුන්ගේ අරමුණයි. ව්‍යාපෘතියක් පටන් ගත විට මුස්ලිම් පල්ලි වලින්ද ආධාර ඉල්ලයි. නොදුන්නොත් වැඩ වලට බාධා කරයි. සංචාරකයන්ට පින්සිද්ද වෙන්න රටේ ආර්ථිකය පවතී. හැබැයි මේ රටේ ඩොලරයේ වටිනාකම අපේ රටට වැඩ බෙහෙවින් අඩුය.