(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ශිලාවත්ත දියෝගනගර්හි නැවත පදිංචි ගම්මානයේ ඉඩමක තිබී ජීව මෝටාර් බොම්බයක් සොයාගත් බව මුලතිව් පොලීසිය පවසයි.
දියොනගර් ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් ආසන්නයේ කැලෑ සහිත ඉඩමක තිබු මෙම මෝටාර් බෝම්බය ගම්වාසියකු දැක පොලීසියට දැනුම්දී ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කර ඇති මෝටාර් බෝම්බ විශේෂයක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරන අතර එය තවමත් ජීව තත්වයේ පැවතීම හේතුවෙන් මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ගෙන එය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.