නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රම මහාතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (5) පැවසීය.
මෙම ගිවිසුමට විරෝධය පළකරන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහභාගී කරවන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
පසුගිය ආණ්ඩුව කාලයේ මෙරට චීන ණය ආධාර මත ඉදිකල වියාපෘති සදහා චීන ජාතිකයෝ දහස් ගණන් ලංකාවේ සේවයට ආවා. එයින් ලාංකිකයන් දහස් ගණනකට රැකියා අවස්ථාවන් අහිමි වුණා හැබයි එකම ලාංකිකයෙක් වත් චීනයේ සේවය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම කරපු ආණ්ඩුවක සමාජිකයෙක් අද මෙහෙම අභියෝග කරන කොට මට නම් පේන්නේ විහිලුවකට වගෙයි.
හොද අදහසක්. සංවාද වලින් තමයි හොදම දේ තීරණය කල හැක්කේ.
බන්දුල ගුණවර්ධන මහත්තයට කියන්ට පුලුවන්ද සෑම දෙනාගේම දැන ගැනීම පිණිස, මේ ගිවිසුමෙන් ලංකාවට සිදුවෙන ප්‍රධාන අවාසි මොනවද කියා?
ලෝකේ අබියෝග වැඩියෙන්ම කරන රට.ශ්‍රී ලංකාව .
ආනේ මගේ රටට ගිය කල..