(නිමන්ති රණසිංහ)
ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ නීතිය බලගැන්වීමේ මිරිහාන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (26) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි සටහන් කර පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා දිනයක් ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව ලබන 02 වැනි දා එම පෙරට්ටුව පැවැත්වීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම සිද්ධියට අදාළව ඊයේ (25) බොරැල්ල පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කර තැබුණේ මෙම පෙරට්ටුව සඳහා ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.