IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මොරටු සරසවියේ සිටි සතුන් පිටිපන ඉඩමක වළදාලා

(බුද්ධික කුමාරසිරි)

මොරටුව විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ සිටියදී අල්ලා ගත් සුනඛයින් සහ බළලුන් 40 දෙනකු පමණ එම විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ පිහිටි ඉඩමකදී පණ පිටින් වළ දමා තිබීයදී සොයා ගැනිමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බළකායේ‘‘ සභාපති අමිල විජේරත්න මහතා පවසයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිටින සුනඛයින්ට සහ බළලුන්ට සිහිසුන් කෙරෙන එන්නත්  විද රැගෙන යන බවට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි මත තම සංවිධානය සහ ‘‘රේ ඔෆ් හෝප් ’’සත්ත්ව සංවිධානය එක්ව සිදු කළ විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම සතුන් මරා දමා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකි වූ බවත් මරා දමා සිටි සතුන් කුණු වී දුගඳ හැමීම හේතුවෙන් එම සතුන් වළ දමා තිබූ ස්ථාන සොයා ගැනීමට හැකි වූ බවද එම සංවිධානය පවසයි.

එම භූමියට ගෙනවිත් දමා සිටි මිය නොගිහින් සිටි සුනඛයින් දෙනෛකු තම බාරයට ගෙන අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුකු කරමින් සිටින බවද ‘‘රේ ඔෆ් හෝප්’’ සංවිධානයේ සාමාජික ඉරාකි කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

මෙම සුනඛයින් කවුරුන් ගෙනාවාදැයි තමන් නොදන්නා බවත් එම භූමියේ තිබී බල්ලන් දෙදෙනෙකුගේ සහ පූසන් දස දෙනෙකුගේ සිරුරු හමු වූ බවත් ඉන් පසු දැඩි දුර්ගන්ධය නිසාවෙන් එම සිරුරු වල දැමීමට කටයුතු කළ බවත් විශ්ව විද්‍යාල භූමියේ ආරක්ෂකයෝ පැවසූහ.

මේ පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඇමතීමට කිහිපවරක් උත්සාහ කළද ඔහු රැස්වීමක සිටින බවට පණිවුඩයක් මගින් දැනුම් දුන් අතර දුරකථන ඇමතුමට සම්බන්ධ වූයේ නැත.



අදහස් (22)

මොරටු සරසවියේ සිටි සතුන් පිටිපන ඉඩමක වළදාලා

ලුම්බිණි Monday, 17 July 2017 11:55 AM

මේ වගේ තිරිසන් වැඩ කරන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. විශ්ව විද්‍යාලයේ උප කුලපති දෙන්නේ නියම ආදර්ශයක්.

:       1235       720

Kalyana Jayawardena Monday, 17 July 2017 02:12 PM

ඉතාම නින්දිතයි මේ ක්‍රියාව. අපරාධ නීතිය යටතට ගැනෙන මෙම ක්‍රියාවට සම්බන්ධ අපරාධකරුවන් අල්ලා දැඩි දඬුවම් දිය යුතුයි. අනෙක මෙවැනි සිදුවීම් සිදුවීමට පෙර ඒවා වැලක්වීමට පියවර ගත යුතුයි. මොකද සතුන් මැරුවාට පසුව මොනවා කලත් වැඩක් නැති නිසා. දිවයින පුරා දහම් පාසල් වල සිසු සිසුවියන්ගේ සහභාගිකත්වයෙන් කුඩා සංවිධාන සාදා තම ප්‍රදේශයේ මෙවැනි සිද්ධි සොයා බලා පොලීසියට දැනුම්දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව මගේ හැඟීමයි. පොලිස්පති චක්‍රලේක අංක 663/86 යටතේ සත්ව හිංසන පිළිබඳව ක්‍රියා කිරීමට පොලිස්පති තුමා සියළුම පොලිස්ථාන වලට උපදෙස් දී ඇති බැවින් මෙවැනි සිද්ධි පොලිසියට දැන්වීමෙන් සතුන්ට මහඟු සෙතක් කිරීමට ඔබට හැකියාව ඇත.

:       1016       633

vijita predeep Monday, 17 July 2017 02:25 PM

එදත් ඔහොම ... අදත් එහෙමද? සතුන්ට නිදහසක් නැහැ. දැන් අයියලාට බල්ලන්, පූසන් අල්ලන්නද තියෙන්නේ... වෙන වැඩ නැද්ද දන්නෑ නේ...?

:       266       2

vidya Monday, 17 July 2017 02:41 PM

ඔටාරා මහත්මිය.... මේ සත්වයන්ට කරුණාව ඇති ඔබේ හදවතට මොනතරම් වේදනාවක් ඇති වෙයිද?

:       109       50

lakshika alwis Monday, 17 July 2017 02:46 PM

වෙන කිසිම දියුණු රටවල්වල මෙහෙම බල්ලෝ, පූසෝ නැහැ පාරේ අයාලේ යන.

:       5       463

lakshika alwis Monday, 17 July 2017 02:51 PM

අයාලේ යන බල්ලන්, පූසන් හොයලා මරණ අයට පුළුවන් නම් දඬුවම් දෙන්න.

:       608       33

lakshika alwis Monday, 17 July 2017 02:55 PM

මේවගේ හොඳ වැඩ වලට විරුද්ධ වන අය ඉන්න කල් පරිසරය හොඳට තියාගන්න බැහැ.

:       1352       2043

Chandika Monday, 17 July 2017 03:57 PM

මෙය බොහොම දුක්ඛිත සහ පහත් වැඩකි. මේ සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි.

:       432       32

Chanaka Igalawithana Monday, 17 July 2017 05:16 PM

අයාලේ යන බල්ලෙක් පුසෙක් හපා කෑවොත් විදින්න වෙන බෙහෙතක මිල රුපියල් 20000.00 ක් විතර වෙනවා. ඒවා පිටරටින්ම ගෙන්න ඕන. ඔය සත්ව අවිහිංසාවාදියෝ රටට දරන්න වෙන ඒ වියදම දෙන්නේ නැනේ. බල්ලෝ පුසෝ කියන්නේ වදවෙලා යන තර්ජනයකට මුණ දීල ඉන්න සත්තු වර්ගයක් නම් ප්‍රශ්නයක් තියෙනවා. එත් එහෙම නැනේ. ඒ වගේ වෙලාවට රටේ පොදු යහපත වෙනුවෙන් පව් සිද්ධ වෙන දේවලුත් කරන්න වෙනවා. අර කලින් අදහස් දක්වපු එක්කෙනෙක් දාලා තිබුන විදිහට අයාලේ යන බල්ලෝ පුසෝ මරණ එක දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් නෙවෙයි. දන්නේ නැති දේවල් ලියන්නේ නැතුව ඉන්න එක තමයි හොද. හැගීම්වලට වහල් වෙලා මෝඩ කතා පොදු මාධ්‍ය වල පල කරන්නේ නැතුව.

:       1443       3092

BinoyMonday, 17 July 2017 05:55 PM

චානක මහත්මයා ඔබේ තර්කය අනුව මෙහෙම කරමු. මිනිස්සු අතර මොලයක් නැති මිනිස්සු කියන්නෙත් වඳ වී යන සත්ව කොට්ටාශයක් නෙවෙයිනෙ. මිනිස්සුන්ට වගේම සතුන්ටත් ජීවත් වීමට අයිතියක් තිබෙනව..තමන් විතරක් හොදට හිටියම ඇති යන මානසිකත්වයෙන් දැන්වත් කරුනාකර මිදෙන්න

:       1140       697

ජනක Tuesday, 18 July 2017 03:33 AM

ජයවර්දන, පිස්සු බල්ලෝ කාල මැරෙන්න යන අහිංසක ජීවිත් ඔය කියන මිනිස්සු බාරගන්නේ නැහැනේ. බල්ලෝ විතරද අහිංසක මාළුවෝ කුකුල්ලෝ එළුවෝ හරක් අහිංසක නැද්ද

:       2       471

Kalyana JayawardenaMonday, 17 July 2017 08:41 PM

චානක මහත්මයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම සත්ව හිංසන වැළක්වීමේ සංවිධානයක ක්‍රියාකාරිකයෙකු නිසා පොලිස් මුලස්ථානය මා හට ලිඛිතව දැනුම් දී තිබෙනවා සත්ව හිංසනය සහ සත්ව ඝාතනය යනු අපරාධ නීතිය යටතට ගැනෙන වරදක් බව. ඇත්තෙන්ම මා ඒ ගැන කලින් නොදැන සිටි නිසා ඒ ගැන මා දැනුවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිය පල කරමි.

:       22       2

ගයාන් Tuesday, 18 July 2017 01:53 AM

චානකට විඳින්න ඕනි බෙහෙත තමයි ඔය අහිංසක සාත්තු ටිකට විඳලා තියෙන්නේ

:       523       103

sachithTuesday, 18 July 2017 04:21 AM

ඔබතුමාගේ අදහසට අනුව අපි ඉස්සෙල්ලම මේ රටෙන් තුරන් කරන්න ඕනි මේ ඉන්න කුහක දේශපලන්ඝයෝ.මොකද මෙයාල කන කෑම වෙලකටත් රුපියල් 20000 වඩා වියදම් කරනවා.

:       0       1

KAPTuesday, 18 July 2017 06:06 AM

හැම එකටම දේශපාලනය ගාවන්න එපා... අයාලේ යන සත්තු මිනිස්සුන්ට වදයක් තමයි. මගේ මාමව කාල දවස් 20 ඉස්පිරිතාලේ හිටිය මැහුම් 30 ක් දැම්මා.

:       3       313

sachithTuesday, 18 July 2017 06:40 AM

මේ රටේ දැන් තියෙන හැම ප්‍රශ්නයක්ම, අර්බුදයක්ම අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරා කියල පම්පෝරි ගහන රෙද්ශපාලකයෝ නිසා තමයි. කවදාවත් ස්ථිරසාර විසඳුමක් දෙන්නේ නෑ. දැන් මේ විදිහට මේ සත්තු මැරුවා කියල කෝටි ගානක් සල්ලි ඉතුරු වෙනවා හරි, ජලභීතිකාව සම්පුර්ණයෙන්ම ලංකාවෙන් තුරන් වෙනවද?

:       110       0

jantaha anura Monday, 17 July 2017 06:42 PM

අහිංසක දරුවන් මහ මග වෙඩි කා මිය යනවා කිසිකෙනෙක් කතාවක් නැහැ. බල්ලන් ගැන සංහිදියාව ගැන නම් ලියනවා පිස්සු බල්ලන් කෑවොත් සංහිදියාව නැහැ මැරෙනවා

:       338       815

janatha anura Monday, 17 July 2017 06:48 PM

චන්දික පිළියන්දල වෙඩි තබා මරා දැමුණු දැරිය , එම බන්ධනාගාර නිලදාරීන් යාපනයේ වින්ද්‍යා දැරිය මේවටත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිද?

:       12       748

shan saudi Tuesday, 18 July 2017 04:54 AM

මෙතන මේ සත්ව කරුණාව තියෙන්නේ කන්න බැරි හින්දා මරණ එකනේ.... මාළු, හරක්, එළුවෝ, ඌරො, මුවෝ, කුකුල්ලු, මැරුවට කමක් නෑනේ නේද? ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ... රටේ ජනතාවට හානිවන ඕනෙම දෙයක් විනාශ කරන්න රජයට බලය තියෙනවා. ඒකට ඔය කියන සංවිධාන වැඩක් නෑ.

:       0       396

Lakmali Tuesday, 18 July 2017 05:30 AM

අයාලේ යන බල්ලන්ට මොකද කරන්නේ? පෙස්ට් කොන්ට්‍රෝල් එකෙන් ඇවිල්ල කෙමිකල් එකක් ගැහුවම වේයෝ කොටි ගණන් මැරෙන්නේ. ඒවත් පව් තමයි.

:       0       315

piyal Tuesday, 18 July 2017 07:55 AM

ඩෙංගු මදුරුවන් බෝවීම වැලක්වීමට දුම් ගසනවා. එ්කෙන් මදුරුවන් මැරෙනවා. මේක සත්ව හිංසනයක් වෙන්නේ නැත්තේ ඩෙංගු වසංගතයක් වෙලා නිසාද? ඔය සත්ව කරුණා මහත්වරුන් පිස්සු බලු රෝගය වසංගතයක් වෙනකම් ඉන්න. එතකොට අයාලේ යන බල්ලන් මරණ එක සත්ව හිංසනයට වැටෙන එකක් නැහැ. අනාගතයේ වෙන්න පුළුවන් අනතුරක් වැලක්වීමට පිළියම් යොදනවා නම් හොඳයි.

:       0       235

shan saudi Tuesday, 18 July 2017 10:34 AM

මොරටු සරසවියේ සුනඛ ඝාතනයක් සිදුනොවුණු බව උපකුලපතිතුමා කියා ඇත. මෙහිදී සිදුවී ඇත්තේ විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාලේ යන සුනඛයින් 10,15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්‍රයකට ගෙන ගොස් දැමීම සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මිය යාම පමණකැයිද ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකිරීමට නොපමාව කටයුතු කළ යුතු බවත්ද පැවැසීය. මීට වසර 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170ක් පමණ ප්‍රමාණයක් සිටි බවත් එමගින් පවිත්‍රතා ගැටළු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුව තිබූ බවය. මේ තත්ත්වය යටතේ විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මහත් පරිශ්‍රමයක් දරා තිබේ...

:       0       157

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site