(කසාගල අශෝක තිලකරත්න )
අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා භූමියේ තිබූ අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයකින් යුත් වටිනා සඳුන් ගසක් අද(16) අලුයම පුද්ගලයින් සිව් දෙනෙකු විසින් කපා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම පුද්ගලයින් ප්‍රාදේශීය සභාවේ මුරකරුට පහර දී ඔහුගේ දෑස් බැඳ මෙම සඳුන් ගස කපා ගෙන ගොස් තිබේ.
COMMENTS
රාජකාරි තැන පෑනක්, පැන්සලක් අරගෙන ගිහින් තමාත් තමපවුලත් රැකගන්න රාජකාරි තැන විනාශ කරන අපේ මිනිසුන් කාර්යාල වත්තේ තියෙන ගහ කපාගන යන්න තරම් කුරිරු වෙලා. අපේ රටට ස්වභාව ධර්මයෙන් සමාවක් ලැබේද?
අඟුණුකොළ පැලැස්ස ප්‍රාදේශීය සභා භූමියේ තිබූ අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයකින් යුත් වටිනා සඳුන් ගසක් අද (16) අලුයම පුද්ගලයින් සිව් දෙනෙකු විසින් කපා ගෙන ගොස්.....] මෙහෙම අරගෙන ගියා නම් මේක අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයක "සඳුන් ගසක්" වෙන්න බැහැ. චුටි පැළයක් වෙන්න ඇති. මෙහෙම විශාල වෘක්ෂයක් කපන්නත්, ලොරියක පටවන්නත් කොතරම් වෙලාවක් යනවාද ? [ප්‍රාදේශීය සභාවේ මුරකරුට පහර දී ඔහුගේ දෑස් බැඳ...] දෑස් බැඳ තිබුණත්, දෑත් බැඳ නොතිබුණු මුරකරු මොනවද කරේ ? මේ අසරණ මනුස්සයා නිදහස් කරේ කවුද? ගහෙන් සඳුන් සුවඳ හැමුවත් මේ කතාවෙන් හමන්නේ දුගඳක් විතරයි !!!
හොරකම් කරලා, හොරකම් කරලා රැවටිල්ලෙන්ම රට ගෙනගිහින් හොරුන්ට දැන් ඉතිරිවෙලා තියෙන්නේ තියෙන වටිනා ගස් ටික කපන එකයි. සත්තු ටික රට පටවන එකයි. නිදන් ටිකයි විතරයි. ඊළඟට එන්නේ ගම්වල ඉන්න මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න සංස්කෘතියක් (ඉතාලියේත් තියෙනවා, ඉන්දියාවේත් තියෙනවා ,සෝමාලියවෙත් ඇති). ඊ ළඟට අපි යන්නේ එතනට. මිනිස්කමේ පහත්ම තත්වයකට. මේ රටට මීට වඩා විනයක් ඇති කරන්න දේශපාලකයෝ ආදර්ශමත් වෙන්න ඕනේ.
ඇයි දෙයියනේ අපරාධකාරයින්ට ස්වර්ණ භූමියක් කරවා ගත්තාම මේවා තමයි ප්‍රතිඵල. දඬුවම් ලිහිල් වැඩියි. පොදු දේපල හොරකම් කරන අයගේ සෑම සොච්චමක්ම ජනසතු කිරීම අනිවාර්ය වුණොත් දේශපාලකයොත් ටිකක් පාලනය වෙයි.