(විනීතා එම් ගමගේ)
මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීම තහනම් කරමින් රැළිය සඳහා පිටියක් හෝ ශාලාවක් ලබා දීම පවා ප‍්‍රතික්ෂේප කළත් තම පක්ෂය මහ පාරේ හෝ මැයි පෙළපාලි හා රැළිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මැයි දින සමරන කිසිවෙකුට ක‍්‍රීඩා පිටි හෝ ශාලා වෙන් නොකරන්නට නගර සභාව පියවර ගෙන ඇති අතර තමන්ට පමණක් නොව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට පිටියක් දීම නගර සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද එම පක්ෂය කියයි.
ලෝකයම කම්කරු දිනය සමරන අවස්ථාවේ ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට කම්කරු දිනය සමරන්නට අවස්ථාව ලබා නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ කළේය.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා මෙසේ ද පවැසීය.
‘‘ලෝකයම මැයිදිනය සමරන්නේ මැයි පළමුවැනිදා. නමුත් කොළඹ මහ නගර සභාව කිසිදු පිටියක් දෙන්නේ නැහැ. මහනාහිමියන්ගේ ඉල්ලීම අනුවයි කටයුතු කරන්නේ කියනවා.
වෙනදා මැයි දිනය වෙනුවෙන් පොලිසිය පක්ෂ කැඳවා පවත්වන සාකච්ඡාව කරන්නේ පෙබරවාරියේ. නමුත් මේ අවුරුද්දේ ඒ සාකච්ඡාව පැවැත්වුවෙත් අපේ‍්‍රල් මාසයේ දියි.
ආණ්ඩුව කියන්නේ වෙසක් උත්සවය නිසා මැයි දිනය කල් දමනවා කියලයි. නමුත් 2007 දි වෙසක් පොහොය යෙදුනේ මැයි පළමුවැනිදායි. එදා යසට කම්කරු දිනයත් කළා. වෙසක් උත්සවයත් පැවැත්වුණා. සමාජවාදී භික්ෂු සංගමයේ හාමුදුරුවරුත් පෙළපාලි ගියා.
ලෝකයම මැයි දිනය සමරන්නේ මැයි මාසයේ දී. එක්සත් ජාතින්ගේ සංවිධානයත් එහෙමයි. හාමුදුරුවරු කියනවා කියා මැයි දිනය කල් දැම්මා. දැන් අපේ‍්‍රල් මාසෙ වෙසක් සමරන්නේ ඇයි කියා හාමුදුරුවරු ආණ්ඩුවෙන් අහනවා.
වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය සමරන්න බැහැ. රෝගී එක්සත් ජාතික පක්ෂයටත් බැහැ. නිරෝගි පක්ෂ මැයි දිනය සමරනවාට කැමති නැත්තෙ ඒකයි. මේ දවසේ තැබෑරුම් වහලා. ඉතින් තැබෑරුම් ඇරල බොන්න දෙන්න විදියක් නැති නිසා තමයි මේ දවස කල් දමාගන්න හදන්නේ. පුදුම හිතෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේකට එකඟ වුණ එකටයි.
1988 දි ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මැයි දින සමරුව තහනම් කළා. ඒ තහනම නොතකා මැයි දන සැමරූ ජනතා විමුක්ති පෙරමුණ මේ තහනමේ දි හිලෑ වෙලා තියෙන හැටි දැක්කම පුදුමයි.
COMMENTS
කථාව ඇත්ත... මැයි දිනය අයිති කම්කරු ජනතාවට මිසක් ආණ්ඩුවට හෝ ආගමික සංස්ථාවට නෙමෙයි.
ලෝකයම මැයිදිනය සමරන්නේ මැයි පළමුවැනිදා කියන එක බොරුවක්.... රටවල් ගණනාවක් තිබෙනවා මැයි දිනය 1 වෙනිදා පවත්වන්නේ නැති.
මේ අය පෙරටුගාමීන්නේ. ඉතින් මේ ගොල්ලන් මැයි දිනය සැමරුවාම රටේ ඉන්න සියලුම කම්කරුවන්ගේ බඩ කට පිරෙනවා. කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. මේ ගොල්ලන්ගේ සමාජවාදී භික්ෂු සංගමේ අය පෙළපාලි ගියාම බොදු බැතියෙන් රට පිරී ඉතිරෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම කරන්නට ඕනෑ.
කමක් නැහැ සහෝදරයා... ඔයාලා පාරේ හරි මැයි දිනය සමරන්න. මොකද පාර අවහිර වෙන එකක් නැහැ. මුලු පක්ෂයේම දහයකට, පහළොවකට වැඩිය නැහැ නොවැ...
මේ වගේ පක්ෂ පිරිහිලා තියෙන්නෙත් මේ නිසාම තමයි. වෙසක් පෝය සහ මැයි දිනය එක දවසකට වැටුණාම මුල් තැන දෙන්න ඕනේ මොකටද කියලා නොදන්නා මේ වගේ "සමහරක්" ඉන්නවා.
රටේ ජනතාවගේ මතය නොදන්න අය. මේ මිනිස්සු පෙරටු නොවේ පසුගාමීන්. රටේ මිනිසුන්ගේ වටිනා කාලය කා දමන්න රටටත් තමුන්ටත් වැඩක් නැති පිරිසක්.
ඇත්තටම මැයි දවස අයිති කාටද දේශපාලනාඥයන්ටද
බුදුන් සැමරීම අපට කම්කරු සැමරිල්ලට වඩා ලොකුයි. එමනිසා ආගම අබිං කියන මේ කුරුටු ගාමින්ට මැයි 1 දිනට මිනී පිට්ටනියක් හැරෙන්නට වෙන කිසිම පිට්ටනියක් දෙන්න එපා....
ඕක කොහේ තිබ්බම මොකද? කාගේ හරි අගු පිලක වුනත් කමක් නැහැ. දහදෙනෙක් විතර ඉන්න නිසා එච්චර ඉඩකුත් ඕනේ නැහැනේ. අනෙක කම්කරුවන්ට ඇති වැඩකුත් නැහැනේ. හිනත් යනවා මේවට...
ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරු දිනය සමරන්නේ සැප්තැම්බර් පළවෙනි සඳුදා. ළිං මැඩියන්ට ලෝකය ගැන අවබෝධයක් නෑ...
මැයි දිනය සමරනවා කියලා කරන්නේ සිහිනැති වෙන්නම බීගෙන කුණුහරුප කියමින් යන එකනේ .
මිනිසාට නියම විමුක්ති මාර්ගය කියාදුන් බුදුන් සමරන දවස අපට වටිනවා වෙරිවෙන්න බීගෙන කුණුහරුප කියමින් යන පෙරටුගාමීන්ගේ දවසට වඩා
දැන් පාරේ කියන්නේ, ඇයි කලින් මැයි දිනය සමරුවේ ගේ ඇතුළෙද? එකෙනුත් තැලෙන්නේ පොඩි අහිංසක මිනිස්සු. මොකක්ද ඇති වැඩේ. පාරේ දිගේ කැගහ ගහ ඔහේ යනවා පක්ෂ වලට බෙදිලා. කම්කරු දිනය පක්ෂවලට අදාල නැ
ලංකාවේ පවත්වන්නේ මැයි රැලි නොවෙයි දේශපාලන රැලි , හරිනම් සියලු දේශපාලන පක්ෂ හා කම්කරුවන් එක මැයි රැළියක් පවත්වන්න ඕනේ ,
ඔහොම යමු මේ වගේ වැඩකටවත් නම්ම්‍යශීලි නැති අයට ජනතාව උවන්වයි මරුණත් විපාක ලැබෙයි.